වසන්ත නමස්කාර ගේ 692 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

(චිත්‍රය සහ සමාජ විද්‍යාද්මක පර්යේෂනයක් ලෙස ක්‍රියා කරන ආකාරය. මෙම නිර්මාන එකතුව, අද ජීවතුන් අතර නැතත්, මා හට සමාජ විද්‍යාව ඉගැන්වූ මහා සමාජ විද්‍යඥ නන්දසේන රත්නපාල මහතාට ඉතා ගෞරවයෙන් පිළිගන්වමි.)

               චිත්‍රය සහ සමාජ විද්‍යාව         



බුදුවීමට උත්සාහ කරන බෝධි සත්වයින් සිහිසුන්ව කැලේ ගසක්යට ඇදවැටුනේය. හරක් බලන කොල්ලො රැලක් දෙකනේ කෝටු ගසා කටට මූත්‍රා කලේය. ඒ නොදන්නා කමින් කොලු ගතියටය.

එහෙත් ලංකාවේ විශ්ව විද්‍යාලවල ව්‍යාජ, කපටි ඇදුරන් කොටසක් සිටියි. ඔවුන්ද බුදුවීමට උත්සාහ කරන බෝධි සත්වයින් ගේ කටට මූත්‍රා කර කනට කෝටු ගසයි. ඒ නොදන්නා කම නිසා නොව ව්‍යාජත්වය ගොන් ගතිය සහ කපටිකම නිසාවෙනි.

කථිකාචාර්ය සේවක සුනිල් මගේ මිතුරෙකු වුවත් ඔහුගේ ව්‍යාජ රංගනය, අදුරු වර්ණ සහ අත්භූත හැඩයන් ලෙස මගේ සිතුවම් තුලට එකතු වෙයි. මට එය නවතා දැමීටම කිසිම අවශ්‍යතාවයක් නැත. 

මේ හඩ පටයට සවන් දෙන්න මෙහි ඔහුගේ සැබෑ ස්වරූපය ඇත. එය ඔහුගේ කැමැත්ත ඇතිව කරන ලද්දකි.

https://youtu.be/9R6BSZxd8FE

මගේ සිතුවම් කලාව තුල මෙවන් සමාජ සමීක්ෂන ටූල් බොහෝ ඇත. මිනිසුන්ගේ බොරුව සහ ව්‍යාජත්වය එයින් අධ්‍යයනය කරනු ලැබේ.

මා දැන් සිතුවම් ප්‍රදර්ශන හත්සියය 700 ය ආසන්නයේ සිටිමි. එහෙත් බොහෝ දෙනෙකුට ජීවිත කාලය පුරාම එකිනෙනට වෙනස් සිතුවම් ප්‍රදර්ශන දහයක් වත් ඉක්මවිය නොහැක. ඒ වෙනත් හේතුවක් නිසා නොව සරසවිවල සිටිය සුනිල් වගේ ව්‍යාජ මිනිසුන් නිසාවෙනි. මෙවන් සුනිල්ලා ලක්දිව බොහෝ ඇත.

මගේ හතරවැනි ප්‍රදර්ශනයේ සිට බොහෝ දෙනෙකුගේ විරෝධාකල්පයන් මතුවිය. සිතුවම් ප්‍රදර්ශන දහය පමන වනවිට  සියලුම දෙනා විරුද්ධවිය.

මෙහි තිබෙන අද්භූත ගතියනම් සියලුම දෙනා සුහදව මා සමගම සිටීමයි. ඔබට මෙය අද්දැකීමක් විදිහට ගැනීමට  අවශ්‍යනම් එකිනෙකට වෙනස් සිතුවම් ප්‍රදර්ශන සියයක් වත් ඉක්මවන්න. ඒසදහා වෙනත් විකල්පයන් නැත.

සිතුවම් ප්‍රදර්ශන සියයක් පමන ඉක්මවූ පසුව සොබාදහමේ රැකවරනට ඔබට ලැබෙනු ඇත. අඩුම තරමේ මේ ගමන ඔබ විසින් වයස වසර විස්සේදීවත්  ආරම්භ කරන්න. ඒ සදහා ඔබට චිත්‍ර කලාවේ ශාස්ත්‍රීය දැණුම වගේම සමාජ විද්‍යාත්මක දැණුම අත්‍යාවශ්‍යය.


වසන්ත නමස්කාර ගේ 693 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

(චිත්‍රය සහ සමාජ විද්‍යාද්මක පර්යේෂනයක් ලෙස ක්‍රියා කරන ආකාරය මෙම නිර්මාන එකතුවේ අන්තර්ගතයයි. මෙම නිර්මාන එකතුව, අද ජීවතුන් අතර නැතත්, මා හට සමාජ විද්‍යාව ඉගැන්වූ මහා සමාජ විද්‍යඥ නන්දසේන රත්නපාල මහතාට ඉතා ගෞරවයෙන් පිළිගන්වමි.)

චිත්‍රය සහ සමාජ විද්‍යාව

බලවේගය බලු වේගයක් බවට පත්වීම

කලාව කියා දෙයක් නැත. ඇත්තේ මුදල් උපයන ව්‍යාපාර පමනි.

යන අදහසේ පිහිටා ලංකාවේ ආණ්ඩු කරන්න ගියොත් මානසික වෛද්‍යවරුන් පිටරටින් ආනයනය කරන්න සිදුවේවි.

මේ හඩ පටයට සවන් දෙන්න. එහි ඉහත සදහන් මෝඩ අදහස ගැබ්ව ඇත.https://youtu.be/9R6BSZxd8FE

මෙහි කතා කරන්නේ මාලිමාව දිනවන්න මාරාන්තික ව්‍යාජ සටනක යෙදුන සබරගමුව විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය සේවක හිනිදුම සුනිල්ය.

මෙම වීඩියෝවේ තිබෙන්නේ මා විසින් විශාල වෙහෙසක් දරා ඔහුට සකස්කරදුන් ස්ථාපන කලා නිර්මානයක්. https://youtu.be/6V8VBECf6Yg

කලාව කියා දෙයන් නෑ තිබෙන්නේ මුදල් උපයන ව්‍යාපාර විතරයි. යන මතය දැරුවත් එහි නියම මුදල පවා ඔහු ගෙව්වේ නැත. අනෙක මේ සියලු දර්ශනවාද පහල වන්නේ වැඩේ අවසන් වූ පසුවය.

‍මෙම ‍ මෝඩ අදහස් ජ.වි.පේ. පරාජයට ‍ කෙලින්ම බලපා ඇත.



Comments