වසන්ත නමස්කාර ගේ හත්සිය අටවැනි 708 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මහා කරුණාව

බුදුන් වහන්සේගේ මහා කරුණාව ගැන අප බොහෝ තොරතුරු අසා ඇත. එහෙත් එය කුමන ආකාරයේ දෙයක් දැයි, අපට ප්‍රායෝගික අත්දැකීමක් නැත. එසේම උන්වහන්සේ ගේ ධර්මයේ අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම ගැන ප්‍රධාන ඉගැන්වීමක් තිබෙයි. එය ගැනත් අපට ප්‍රායෝගික අත්දැකීමක් නැත.

කලාව සොයමින් ඉන්දියාවේ ඇවිදයනවිට ගොයින්කා තුමා විසින් ආරම්භ කරන ලද ධම්මගිරි භාවනා මධ්‍යස්ථානයේ දින දහයක් ගතකිරීමට අවස්ථාව ලැබුනි. එය අහඹු වාසනාවක් වගේම ජීවිත පෙරළියකි. එතැනදී අපට කලාවත් හමුවුනා. බුදුන් වහන්සේවත් හමුවුනා.

එහිදී මහා කරුණාව කුමක්දැයි ගොයින්කා තුමාගෙන් දුටුවෙමි. බුදුන් වහන්සේ පෙන්වාදෙන අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම යන කාරනාවන්, ප්‍රායෝගිකව, ශාරීරිකව, භෞතිකව අත්විදීමට ඔබත් කැමතිනම් ජීවිතයේ එක් වතාවක් හෝ ගොයින්කා තුමා පෙන්වාදෙන මෙම විපස්සනා භාවනා ක්‍රමය අත්හදා බලන්න.

අවශ්‍ය තොරතුරු මෙතැනින් ලබාගන්න.

https://www.dhamma.org/en/schedules/schgiri

පළමුව මෙම විපස්සනා භාවනා ක්‍රමය ප්‍රශ්න කිරීම් සහ වාද විවාද වලින් තොරව අත්හදා බලන්න. මේ ක්‍රමය වැඩකට නැති නිශ්පල දෙයක් බව දැනුනොත් එය අතහැර දැමීමේ පූර්න අයිතිය ඔබ සතුව ඇත.

එහෙත් අප යෝජනා කරන්නේ නැවත නැවතත් එයම කරන ලෙසයි. ඒ ගැනත් කල්පනා කරන්න. Thank U

Comments