වසන්ත නමස්කාර ගේ හත්සිය නවවැනි 709 දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

විපස්සනා


මී පැණිවල රසය දන්නෙ ඒවා ආහාරයට ගත් කෙනෙක්ම පමනයි. භාවනාවත් එසේමයි.

භාවනාව ගැන මා සිතා සිටියේ මහා විහිලුවක් ලෙසිනි. එසේ සි‍තෙන තැනට ලංකාවේ දී සියලුම කාරනාවන් සකස්වී තිබුනි.

කලාව යනු කුමක්දැයි සොයමින් ඉන්දියාවේ ඇවිදිමින් සිටින අතර, අජන්තා ලෙන් විහාරවලින් කිලෝ මීටර් තුන්සියයක් පමන දුරින් පිහිටි ඉගත්පුරි නම් ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයක දින දහයක් ගතකිරීමට සිදුවිය. මා හට එතැන  කුමක්දැයි සෙවීමට හෝ උවමනාවක් තිබුනේ නැත. මට අවශ්‍ය වූයේ දින දහය ගත කිරීම පමනි.

ඉතාම සුවපහසු කාමරයක් සහිතව දින දහය පුරාම කෑම බීම සියල්ලම නොමිලයේ ලැබුනි. භාවනාව පටන් ගැනීමට ප්‍රතමව දින දහය නිමාවනතෙක් කිසිවෙකු සමග කතා නොකරන ලෙස තරයේ උපදෙස් ලැබුනි. පාස්පෝට්, මුදල් සහ ජංගම දුරකතනය ආදී සියල්ලම ඔවුන් ලබාගත්තේය.

ඇත්තටම මා සිතා සිටියේ දින දහය ගතකර මෙතැනින් පිටව  යාමයි. පළමු දවසේ උදේ වරුවේ භාවනා උපදෙස් ගනනකට නොගෙන ඔහේ කාලය ගතකලා.

නමුත් දෙවැනි වරුවේ දී මටම සිතුනා මේ භාවනාව නම් ලංකාවෙ වගේ නෙමෙයිනෙ. මට දැන් එළියට ගියත් කොහෙවත් යන්නත් බෑ. මෙතන හිටියත් කවුරුත් එක්කවත් කතා කරන්නත් බෑ. තවත් බොහෝ උපදෙස් පත්‍රිකාවක්ම ලැබුනි.

කමක් නෑ ඔන්න ඔහේ වෙනදෙයක් වෙච්චාවෙ කියන දෙයක් ඒ විදාහටම කරනවා. යැයි සිතා සියලුම උපදෙස් අකුරටම කලෙමි. උදේ වරුවට වඩා හවස් වරුව වෙනස්. සියල්ල උඩුගං බලා ගමන් කරන බව වැටහුනි. දෙවැනි දින උදෑසන පටන් එක තත්පරයක්වත් අපතේ හැරීම නොකලෙමි. සියල්ල අකුරටම කලෙමි.

දින දහය අවසානයේ බුදුන් වහන්සේ ගේ දේශනා ස්‍රවනය කල අයගේ උදාන වාක්‍යක්වන යටිකුරුව තිබූ දෙයක් උඩුකුරු කල බව කියවෙන දෙය සත්‍යයක්ම බව වැටහුනි.

භාවනාව අවසානයේ දී තමයි මා දැනගත්තේ එම භාවනා මධ්‍යස්ථානය ඉන්දියාවේ මහා විපස්සනා ආචාර්ය වරයෙකු වන සත්‍ය නාරායන් ගොයිකා තුමාගේ ප්‍රධාන භාවනා මධ්‍යස්ථානය බව. මා හට කලාව වගේම බුදුන් වහන්සේත් එතැන දී හමුවිය. මහා කරුණාව යනු කුමක්දැයි මා ප්‍රථම වතාවට මිනිසෙකු තුලින් දැක්කේ ගොයින්කා තුමාගෙනි.


මරණය කියන කාරනාව සිදුවන ආකාරය ජීවත්ව සිටියදීම  දැකිය හැකි, මෙම විශ්මිත භාවනා ක්‍රමය මිය යාමට ප්‍රථමව එක් වතාවක් හෝ අත්හදා බලන්න යැයි අප ඔබට යෝජනා කරමි.

අවශ්‍ය තොරතුරු මෙතැනින් ලබා ගන්න.

https://www.dhamma.org/en/schedules/schgiri

එයින් ප්‍රයෝජනයක් නැතැයි කියා සිතෙනවා නම් එය අතහැර දැමීමේ පූර්න අයිතිය ඔබ සතුව ඇත.

සිත කියා දෙයක් තිබෙන බවත් එය ක්‍රියා කාරන ආකාරයත් ප්‍රථම වතාවට මා හදුනා ගත්තේ මෙතැනදීය. ඔබ මෙය හරියට කලොත් සිත ගැන බුදුන් වහන්සේ සදහන් කරන උදාහරන සියල්ලම පැහැදිලි වනු ඇත.
















































































Comments