මෙම හඩපටයේ සියලුම අදහස් සිත්තරුන් විසින් අනුකම්පාවෙන් බැහැර කලයුතුය. මෙහි කතා කරන්නේ සබරගම්ව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක මහාචාර්ය හිනිදුම සුනිල්ය. ඔහු මගේ සිතුවම් ගැන කතා කරයි. එහෙත් ඔහු චිත්‍රය ගැන හෝ කලාවේ හෝ අයන්නේ ගැටයවත් දන්නේ නැත.

ලංකාවේ බොහෝ මහාචාර්ය වරුන්ට චිත්‍රය පිලිබද නිරවුල් හා පැහිදිලි අවබෝධයක් නැත. ඔවුන් තමාගේ පැවැත්මට මොනවාහෝ දොඩවයි. සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සේවක මහාචාර්ය හිනිදුම සුනිල් ද ඒ අතර එක් චරිතයක් පමනි.

ඔහු මේ මොහොතේ කරමින් සිටින්නේ තමාගේ පැවැත්ම තහවුරු කරගැනීම සදහා අනෙකාගේ නිර්මානාත්මක හැකියාවට සියුම්ව පහර දීමයි. මෙවැනි චරිත අවසානයේ මනෝ ව්‍යාධි කරුවන් බවට පත්වෙයි.

මෙය දැනුමක් හෝ අවබෝධයක් නොව දෘෂ්‍ය කලාවේ දුරාතීතයේ සිට පැවත එන මාරාන්තින විෂ බීජයකි. එය සිත්තරුන් විනාශ කිරීම සදහා ද්වේශයෙන් වෛරයෙන් සහ කුහකත්වයෙන් සමාජ ගතවී ඇත.

ලොව පුරා බොහෝ නිර්මාන කරුවන් මේ අදහස්වලට හසුවී විනාශ වී ඇත. අදටත් විනාශ වෙමින් පවතියි. එය දෘෂ්‍ය කලාවේ අන්ධභාවය නැමති අසාමන්‍ය තත්වයයි. මේ ආසාමාන්‍ය තත්වය තුල කිසිම නිර්මානයක් වින්දනය කල නොහැක.

 


Comments