වසන්ත නමස්කාරගේ 978 වැනි  මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ජයසිරිට පිලිතුරක්

(නිර්මාන කරුවන් ව්‍යාජ මතධාරී කණ්ඩායම් වලට මැදිවීම. ප්‍රශ්නයක් නැත. අපට හානියක් නැත. මගේ දෙවගන කාරනාව පැහැදිලි කලේය. මට දෙවගනක් හමුවීම මොනතරම් වාසනාවක්ද?  එහෙත් ප්‍රශ්නය ඇත්තේ අංකුර නිර්මාන කරුවන්ටය.)

(මම කියනදේ තේරුනාද මන්දා) 

ජයසිරිගේ ප්‍රශ්නය

හිතවත් වසන්ත , ඔයාට සුනිල් එක්ක අවුලක් තියෙනවා නමි ඒක පෞද්ගලිකව විසද ගන්න . මේකට මම හා අපේ බැජ් එකේ සියඑ දෙනා කැමති නෑ. අනෙක තමා සුනිල්සෙනෙවි උපයාගෙන ඇති වටිනා කමට ඊර්ෂ්‍යා කරන්න එපා. මේක පිළිගන්න. ආයෙත් මෙහෙම සුනිල්සෙනෙවිට පහර දෙන්න එපා. ඔයාට අනුකම්පා කරන එකෙත් සීමාවක් තියෙනවා අපිට. එච්චරයි.

ප්‍රශ්නයට හේතුව

තමන්ගේ වාසියට නිර්මාන කරුවන්ට සියුම්ව පහරදෙන මහාචාර්ය වරයෙකු හදුන්වා දීම. (ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි එම මහාචාර්ය වරයාය. එවැනි මහාචාර්ය වරුන් බොහොමයකි.)


පිලිතුර

හිතවත් ජයසිරි, සුනිල්සෙනෙවිට පහරදීල ඉවරයි. දැන් සුනිල්ට තියෙන්නෙ තමන් නිවැරදිවීම. අනෙක මට කාගෙවත් අනුකම්පාවකින් වැඩක් නෑ. මිනිස්සු කව්ද කියලා අපි දන්නවා. ආයෙත් පහර දෙන්න ඕනවුනොත් පහර දෙනවා. එච්චරයි.

සුනිල් විතරන් නෙමෙයි ඕනම කෙනෙකුට ඕනම වෙලාවක පහර දෙන්න ඕනවුනොත් පහර දෙනවා. ඒක තමයි නිර්මාන කලාවේ නිරතවෙන අහිංසක මිනිස්සු වෙනුවෙන් රසිකයින් වෙනුවෙන් අප කරන සේවය.

මේවනවිට සුනිල් නිර්මාන ඉස්සරහ පුහු දැගලිල්ල නැතිව  ඔලුව පාත්කරගෙන යනවා කියලා ආරංචියි. (පිස්සු කේස් කෙනෙ ඕනම වෙලාවක එයද වෙන්විය හැක)

දැන් ජයසිරි සුනිල් තමන්ගේ ව්‍යාජ බුද්ධියෙන් අනෙකාට පහර දෙන්න හැදුවොත්, අපි මොනවත් කරන්නෙ නෑ සුනිල් විසින්ම සුනිල්ට පහරදීගනු ඇත. එය තමයි ව්‍යාජ මහාචාර්ය වරුන්ගේ අවසාන ඉරනම.

ජයසිරි ලොකු රැකියාවන්නෙ කරන්නෙ. ඒ නිසා  ජයසිරි මේ ප්‍රශ්නය හරියටම තේරුම් ගන්න. බැජ් එකේ අනිත් අයටත් එහෙමයි. මම විතරයිනෙ ජපුර විශ්වවිද්‍යාල ඉතිහාසයෙන්ම පිස්සෙක් වගේ චිත්‍ර අදින්නෙ. මම චිත්‍ර අදිනකොට අනිත් අයගේ පිස්සු එලියට එනවා, පාලනය වෙනවා, සනීප නෙවා.

මම මෙතැන කතා කරන්නෙ කලාව ගැන. අනෙක මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඕනෙ සුනිල්. ජයසිරිවත් බැජ්එකේ අනිත් අයත් නෙමෙයි. සුනිල් කතා කරන්නෙ නැත්තේ ඔහු කරමින් ඉන්න දෙය ඔහු හොදින්ම  දන්නවා.

කැම්පස් එකේදි වගේ අනෙකාට ගහල තර්ජනය කරලා දැන් ප්‍රශ්න විසදන්න බෑ.‍ ඒ කාලෙ සමාජ ප්‍රගමනයට ගහගත්තු අය දැන් කරන දෙය පේනවානෙ. මේක රටේ ප්‍රශ්නයක්. පොදු ප්‍රශ්නයක්. සුනිල් වගේ මහාචාර්යවරු  කරමින් ඉන්නදේ දන්නවනම් මිනිසුන් හිටගෙන පනයනවා. ජයසිරි කියන්නෙ ඒ වටිනාකම්, උපයාගත් දේ පිලිගන්න කියලද? අපි ඒවාගේ ව්‍යාජ වැඩ කරන්නෙ නෑ.

සුනිල් වෙනුවෙන් පෙනීසිටින අය අපි කියන්නෙ මොකක්ද කියල හොයන්නැත්තෙ ඇයි?

ජයසිරිට මේ දැන් ඒ වැඩේ පටන් ගන්න  පුලුවන්  Zoom මීටින් එකක් දාල කලාව ගැන ගැන වගේම සුනිල් සෙනෙවිට පහර දීම ගැන කතා කරන්න පුලුවන්නෙ. ජයසිරිට වගේම අනෙක් අයට අපි ගැන ඕනම දෙයක් කියන්න පුලුවන්. මගේ වැඩේ ඉවර නිසා මම ඕවට උත්තර දෙන්න එන්නෙත් නෑ.

ඒ නිසා ජයසිරිටත් පුලුවන් කලාව ගැන ඕනම දෙයක් කතා කරන්න. අනෙත් අයටත් එහෙමයි.

අනෙක ජයසිරි මේවගේ දේවල් වලට අදහස් දක්වනවිට පරෙස්සම් වෙන්න. දැන් ජයසිරිගේ අදහස අධ්‍යයනය වෙනවා. සුනිල්ගේ අදහස් එකසැරේ ගිලින්න එපා. ජයසිරිට එහෙම වෙන්නෙ ඇයි.

ලංකාවේ මහාචාර්ය වරුන්ගැන විද්වතුන් ගැන ඔවුන් කරන්නේ මොනවද? කියන්නේ මොනවද? කියන දේවල් සහ කරන දේවල් අතර වෙනස  සියුම් අවධානයෙන් ඉන්න පිරිසක් ලෝකය පුරාම ඉන්නවා. ඒවා කරන්නේ body language වලින්. මම කියනදේ තේරුනාද මන්දා.

Comments