වසන්ත නමස්කාරගේ 980 වැනි  මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දෙවගන සමග චිත්‍රය ගැන කතා කිරීම




 

මගේ දෙවගන -

මොකක්ද කල්පනාව.

 

මම -

මම මේ කල්පනා කලේ මගේ පළමුවැනි චිත්‍ර ප්‍රදර්ශනය ගැන.

 

මගේ දෙවගන -

වැඩකට නැති අයට චිත්‍ර පෙන්නුව නේද?

 

මම -

ඔව්.

 

මගේ දෙවගන -

කොහෙද ඒක තිබ්බෙ.

 

මම -

ජ පුර විශ්වවිද්‍යාලයේ. එකක් මදිවට හතරක් කලා.

 

මගේ දෙවගන -

ඒවා ගැන වාර්තාවක් හදනන්න.

 

මම -

තේරුමක් නෑ.

 

මගේ දෙවගන -

ඇයි නැත්තෙ.

 

මම -

කාට පෙන්නන්නද?

 

මගේ දෙවගන -

කාටවත් පෙන්නන්න නෙමෙයි.

 

මම -

කාටවත් පෙන්නන්න නෙමෙයිනම් ඇයි ලියන්නෙ.

 

මගේ දෙවගන -

ඒකට තමයි කලාව කියන්නෙ.

 

මම -

එතකොට කලාව කාටද?

 

මගේ දෙවගන -

කලාව කාටවත් නෙමෙයි.

 

Comments