වසන්ත නමස්කාරගේ 981 වැනි  මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ශ්‍රි ලංකාවේ මහාචාර්ය වරුන්ගේ මනෝව්‍යාධි

මේවනවිට ලංකාවේ බොහෝ සරසවි ඇදුරන් තමන්ගේ මහාචාර්ය බව  රැකගැනීමට මාරාන්තික රංගනයක නිරතවෙනවා. බාහිර සමාජයේ දැනුම බොහොම වැඩියි. ඔවුන්ට තමන්ගේ හිස්බව තමන්ටම පෙනීම නිසා අනෙකාගේ නිර්මානාත්මක හැකියවට ඊර්ෂා කරනවා. සියුම්ව පහර දෙනවා. එයත් අසාර්ථකවනවිට ඔවුන් උග්‍ර මනෝව්‍යාධීන් වලට ගොදුරුවෙනවා.

ඉන්දියාවේ අයිශ්වර්යා රායි තමාගැන අවධානයෙන් සිටිනවා යැයි විශ්වාසයෙන් සිටින මනෝ ව්‍යාධිවලින් පලෙන ලංකාවේ සරසවි ඇදුරන් සහ මහාචාරය වරුන් ඇයට පෙනීමට ලංකාවේ සිට ‍උගන්වනවා. ප්‍රධාන දේශපාලන පක්ෂවලට රිංගාගෙන තමාගේ දේශනා යූ ටියුබ් හරහා ප්‍රචාරය කරනවා. එවිට තමා වීරයෙකු ලෙස අයිශ්වර්යා රායි හදුනා ගන්නාබව විශ්වාසයෙනි. එහෙත් ඔවුන් මොනම වෙලාවකදීවත් තමන් අයිශ්වර්යා රායිට කැමති බව සමාජයට කියන්නේ නැත. කිව්වොත් තමන්ගේ මහාචාර්යබව ඉවත්වී සමාජයෙන් ප්‍රතිශේපවනබව දන්න නිසා.

හින්දි නලුවන්ගේ ගමන් විලාසයන් අනුකරනය කරන ඔවුන් හින්දි නලුවන් ගැන ඊර්ෂාවෙන් පසුවනවා. හින්දි නලුවන් බවට පත්වීමට නොහැකි ඔවුන්  තමන්ගේ වීරත්වය පෙන්වන්නේ තමන්ගේ ව්‍යාජ දැනුම ප්‍රකට කරමිනි. ප්‍රධාන දේශපාලන වේදිකාවලට නැගී තමන් ජනතාවගේ විමුත්තියේ පෙරමුනේ සිටිනබව පෙන්වනවා.

මේ සදහා ඔවුන් බොහෝ විට යොදාගන්නේ කලාව පිලිබද විග්‍රහයන්ය. ඒවා ඔවුන් අනවබෝධයෙන් කියයි. සමහර මහාචාර්ය වරුන් චිත්‍රපට කලාව හදාරනවා. චිත්‍රපටයක ප්‍රධාන සිද්ධාන්තයන් වැඩ කරන්නේ චිත්‍රය සහ සංගීතය නිසාවෙන්. ඒ නිසා මෙම මනෝව්‍යාධි සහිත මහාචාර්ය වරුන් සිත්තරුන්ට, සංගීතඥයින්ට, සාහිත්‍ය කරුවන්ව පහර දෙනවා. එතැන තිබෙන්නේ ලිංගික ඊර්ෂ්‍යාව. මෙම මනෝ ව්‍යාධි සහිත මහාචාර්ය වරුන් තමන් උගන්වමින් සිටින්නේ කුමක්දැයි නොදනියි.

එහෙත් ඔවුන් තමන් නොදන්නා දෙය තාන්තා දේහවලට උගන්වයි. ටිකකලක් ගතවනවිට එම කාන්තා දේහ තමන් අයිශ්වර්යා රායි ලෙස සිතා හින්දි නලුවන් සොයයි. ඇන් පෙර සදහන් මහාචාර්ය වරුන්ට යකා නගියි. අධික තරහකින් පසුවෙයි. ඔවුන්ගේ තරහට බොහෝවිට ලක්වන්නේ සරසවියේ දක්ෂ පිරිමි  සිසුන්ය. තමන්ගේ විෂය හරියාකාරව නොදන්නා ඔවුන් නැති ප්‍රශ්න ඇති කරයි. කාන්තා දේහවලට අවිඥානිකව ලකුනු ලබාදෙයි. සැමියා සහ බිරිද එකම සරසවියේ උගන්වනවානම් ඔවුන්ගේ පවුල් ප්‍රශ්න බොහොමයකි. මෙම මනෝව්‍යාධි කරුවන් මේ මොහොතේත් ලංකාවේ සරසවිතුල උගන්වමින් සිටියි.

 


Comments