වසන්ත නමස්කාරගේ 982 වැනි  මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දෙවගනක් සමග කලාව ගැන කතා කිරීම

 

මගේ දෙවගන -

මොකුත් නැති චිත්‍රවලට මිනිස්සු ගොඩක් අය කැමතියි වගේ නේද?

 

මම -

එකම චිත්‍රයට දෙන්නෙක් රංඩුවෙන්නත් ගියා.

 

මගේ දෙවගන -

ඔයා අවුරුදු ගානකට කලින් හිටවපු ගහේ මල් පිපිල පලදාව එන කාලෙනෙ දැන්.

 

මම -

ඒ කියන්නෙ.

 

මගේ දෙවගන -

ඔයාට පළමුවැනි ප්‍රදර්ශනයේ දී මොකවත් නැති චිත්‍ර අදින්න බැරිවුනා නේද?

 

මම -

ඔවු.

 

මගේ දෙවගන -

ඒ ඔයාලග ගොඩක් දේවල් තිබුනු නිසා.

 

මම -

වැඩිපුරම තිබුනෙ නොදන්නා කම.

 

මගේ දෙවගන -

ඔයා ඒවා පෙන්නුවෙත් ගොඩක් දේවල් තියෙන මිනිස්සුන්ට. එවා දුන්නෙත් ගොඩක් දේවල් තියෙන මිනිස්සුන්ට. ඒ නිසා තමයි ප්‍රශ්න ගොඩක් ඇතිවුනේ.

 

මම -

ඒ ගොල්ලන්ට චිත්‍රයක් ගන්න තරම් සල්ලි තිබුනෙ නෑ. ඒ නිසා මම චිත්‍ර නොම්ලයේම දුන්න. නොමිලයේ පරිත්‍යාග කලා.

 

මගේ දෙවගන -

මෝඩයා මම සල්ලි ගැන නෙමෙයි කියන්නෙ.

 

මම -

එහෙනම්.

 

මගේ දෙවගන -

මිනිස්සු ගැන.

 

මම -

මොකක්ද අර ගහක් ගැන කිව්වෙ.

 

මගේ දෙවගන -

හරි, ඔයාට වැඩිපුරම ප්‍රශ්න ඇතිකලේ, දැනටත් ප්‍රශ්න ඇති කරන්නෙ නොමිලයේ චිත්‍ර බලපු අයයි නොමිලයේ චිත්‍ර (නිර්මාන) ගත්තු අයයි නේද?

 

මම -

?

 

මගේ දෙවගන -

හොදට කල්පනා කරන්න.

 

මම -

ඔව්.

 

මගේ දෙවගන -

හරි, කවදාවත් චිත්‍රයක්  නිර්මානයක් සල්ලි දීල ගත්තු කෙනෙක් ඔයාට ප්‍රශ්නයක් ඇති කරල තියෙනවද?

 

මම -

නෑ

 

මගේ දෙවගන -

 එහෙම වෙන්නේ ඒගොල්ලන් ලග මොනවත් නැති නිසා.


මම -

නමුත් ඒගොල්ලන් ලග සල්ලි තියෙනවනෙ.

 

මගේ දෙවගන -

සල්ලි නෙමෙයි ඒවට කියන්නෙ.

 

මම -

සල්ලි නෙමෙයිනම් මොනවද?

 

මගේ දෙවගන -

ඒවට කියන්නෙ සතුට කියල.

 

මම -

සතුටින් ඉන්න අයට විතරද නිර්මානයක් බලන්න පුලුවන්.

 

මගේ දෙවගන -

හරියටම හරි.

 

මම -

ගහේ මල් වලටද සතුට කියන්නෙ.

 

මගේ දෙවගන -

නෑ

 

මම -

එහෙනම්.

 

මගේ දෙවගන -

ඔයාට චිත්‍රය ගැන තියෙන අවබෝධයට.


Comments