වසන්ත නමස්කාරගේ 984 වැනි 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දේවතාවියක් සමග කලාව ගැන කතා කිරීම


මගේ දේවතාවිය -

ලෙඩා තියෙටර්එක ඇතුලටම අරගෙන වගේ.

 

මම -

ඔව්.

 

මගේ දේවතාවිය -

බරපතල සයිකො කේස් එකක්නෙ....

 

මම -

ඔව්.

 

මගේ දේවතාවිය -

එකක් නෙමෙයි මෙතන ගොඩක් තියෙනවනෙ.

 

මම -

ඔව්. ගොඩක් තියෙනව. මේ බලන්න තවත් තියෙනවා.

 

මගේ දේවතාවිය -

ඇයි මේ චිත්‍රයට ඇතුල්නෙන තැන වහල තියෙන්නෙ.

 

මම -

මම මේ බලන්නෙ ලෙඩේ සනීප කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද කියලා.

 

මගේ දේවතාවිය -

මම මෝඩයට  හැමදාම කියනව ජානගතවෙලා තියෙන දේවල් වෙනස් කරන්න බෑ කියලා.

 

මම -

මගේ යාලුවෙක් නිසා හොයල බලුවෙ.

 

මගේ දේවතාවිය -

මේ ඔයාගෙ යාලුවොද අනේ සයිකො කේස්නෙ. මේගොල් කොහොමද ඔයාගෙ යාලුවො වෙන්නෙ.

 

මගේ දේවතාවිය -

මේ චිත්‍රය නම් කරල තියෙනව ද?

 

මම -

ඔව්.

 

මගේ දේවතාවිය -

මොකක් ද? නම

 

මම -

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි.

 

මගේ දේවතාවිය -

නම දාන්න එපා. Mood එක විතරක් දාන්න.

 

මම -

මමත් එහෙම තමයි හිතුවෙ. ඒත් එයා නම දානවට තැමතියි.

 

මගේ දේවතාවිය -

ඒක පැහැදිලිවම කියල කියෙනව ද? හැබැයි හේතු ඇතිව පෙන්වන්න ඕනෙ.

 

මම -

ඔව් මේ තියෙන්නෙ.



මගේ දේවතාවිය -

සයිකො කේස් එහෙම කිව්වට ඔයා නම දාන්න එපා. චිත්‍රයේ ප්‍රධාන සටහන අපි විතරක් බැලුවහම ඇති. අනෙක් අයට පෙන්වන්න එපා. Moods විතරක් පෙන්වන්න.

 

මම-

මමත් එහෙම තමයි හිතුවෙ.

 

මගේ දේවතාවිය -

මෙතන සයිකො කේස් එකට අමතරව හොයල බලන්න ඕනෙ තවත් සමාජ පද්ධතීන් ගොඩක් තියෙනවා. ඒවා ගැන තොරතුරු තියෙනව ද?

 

මම -

ඔව්. මේ තියෙන්නෙ.

................................................

 

මගේ දේවතාවිය -

හරි, එහෙනම් මේ චිත්‍රයට ඇතුල්වෙන තැන අරින්න. හොදට මතක තියාගන්න. ඔයාට කැමති විදිහට ජාන ගතවෙලා තියෙන දේවල් වෙනස් කරන්න බෑ. එහෙම උනොත් මොකද වෙන්නෙ.

 

මම-

චිත්‍රය ව්‍යාජ වෙනව.

 

මගේ දේවතාවිය -

හරියටම හරි.

 

මගේ දේවතාවිය -

මොකුත් නැති චිත්‍ර අදින්න ජීවිත කාලෙම ගතකරන්න වුනා නේ ද?

 

 

Comments