වසන්ත නමස්කාරගේ 987 වැනි 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දේවතාවියක් සමග කලාව ගැන කතා කිරීම

 

මගේ දේවතාවිය -

මේ මොකද අනේ මේ චිත්‍රය, පටන් ගන්න තැනකුත් නෑ. අවසාන වෙන තැනකුත් නෑ.

 

මම -

මම මේ හොයල බැලුවේ මිනිස්සුන්ගේ Sex පටන් ගන්නෙ කොහෙන්ද ඉවර වෙන්නෙ කොහෙන්ද කියලා.

 

මගේ දේවතාවිය -

සරුංගලේ කඩාගෙන මුහුදට වැටුන වගේ ද? නැත්නම් අභ්‍යවකසෙ තනිවුනා වගේ ද?

 

මම -

ඒවගේ තමයි.


මගේ දේවතාවිය -

ඕකේ පටන් ගන්න තැනක්, අවසානයක් හොයන්න බෑ නේද?

 

මගේ දේවතාවිය -

ඇයි මේ චිත්‍රයේ මෙතන මොකක්ද? ප්‍රශ්නය.

 

මම -

දරු සෙනෙහස ආදරය වගේ තැන්වල වත් Sex කියනදේ නැද්ද කියලා. මම හොයල බැලුවෙ.

 

මගේ දේවතාවිය -

අපි ඔය වැඩේ කවත්වල තවටිකකින් පටන් ගම්මුද?

 

මම -

හොදයි.

......................................................

 

මගේ දේවතාවිය -

දැන් මොකද හිතෙන්න. මානව චර්යාවෙ Sex නැති තැන් තියෙනවද?

 

මම -

නෑ.

 

මගේ දේවතාවිය -

දරු සෙනෙහස, ආදරය කියන්නෙත් Sex වලම තවත් පැත්තක් විතරයි.

 

මම -

ඇයි මානසික රෝග.

 

මගේ දේවතාවිය -

හරියටම හරි.

අර චිත්‍රය දැන් හදන්න.

 

Comments