වසන්ත නමස්කාරගේ 989 වැනි
මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
දේවතාවියක් සමග කලාව ගැන කතා කිරීම
මගේ දේවතාවිය -
මොකක් ද අදින්නෙ.
මම
-
බලන්නකෝ.
මගේ
දේවතාවිය -
බරපතල සයිකො කේස් එකක් වගේ.
මම
-
ඔව්, හිතා ගන්නත් බැරිතරම් බරපතලයි.
මගේ
දේවතාවිය -
මේ පොතෙන් ද ඔයා චිත්‍රයට ඇතුල් වුනේ.
මම
-
ඔව්.
මගේ
දේවතාවිය -
මොකක්ද මේ පොතේ නම.
මම
-
ගුරු
ගීතය.
මගේ
දේවතාවිය -
මට ඒක හින්දියෙන් කියල දෙනව ද?
මම
-
शिक्षक का गीत।
මගේ
දේවතාවිය -
එහෙම නෙමෙයි මෝඩයෝ. ඔය පොතේ තියෙන
දේවල් හින්දියෙන් කියන්න කියල කිව්වෙ.
මම
-
शिक्षक का गीत।
තමයි.
මගේ
දේවතාවිය -
මෙන්න මෙහාට දෙනව පොත.
මම
-
ඔයා කොහොමද ඔය පොත හින්දියෙන්
කියවන්නෙ.
මගේ
දේවතාවිය -
බලාගෙන ඉන්නකෝ.
මම
-
ඔය කණ්නාඩියෙන් අකුරු පරිවර්නය වෙනව
ද?
මගේ
දේවතාවිය -
මෝඩයා මේක ඇප් එකක්.
......................................................................
මම
-
පොත කියවල ඉවර ද?
මගේ
දේවතාවිය -
ඔව්.
බලමු ඔයාගෙ චිත්‍රය.
මම
-
මේ
තියෙන්නෙ.
මම
ඒක ඇදල ගොඩක් දවස්.
මගේ
දේවතාවිය -
මායාව තුලින්ම මායාව අදුරගන්න හරිම
අමාරුයි නේ ද?
මම
-
ගොඩක් අමාරුයි. මායාව ඇත්ත විදිහට
පෙනෙනව.
මගේ
දේවතාවිය -
විශිෂ්ඨ කියන සියලුම සාහිත්‍ය පොත්
ඔක්කොම ඔය විදිහමයි.
මම
-
විශිෂ්ඨ පොත් කිල දෙයක් නෑ. මායාව
ඇතුලෙ තියෙන මායාවක් විතරයි.
මගේ
දේවතාවිය -
හිරියටම හරි. හැබැයි ඔයා මේ කතාව
මායාව ඇතුලෙ ඉන්න අයත් එක්ක කතා කරන්න එපා. කතා කරන්න කව්රුවත් නැත්තම්, අපි දෙන්න
විතරක් දැනගත්තහම ඇති.
Comments
Post a Comment