වසන්ත නමස්කාරගේ 992 වැනි 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දේවතාවියක් සමග කලාව ගැන කතා කිරීම

 

ම‍ගේ දේවතාවිය -

හෙලුවෙන් ඉන්න ගෑනුන්ට ගොඩක් කැමතියි නේද?

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

වලත්තය වගේ ගෑනු ඇද ඇද.

 

මම -

මිනිස්සු Sex වලට ගොඩක් කැමතියි. නමුත් එහෙම නෑ වගේ ඉන්නවා.

 

ම‍ගේ දේවතාවිය -

ඔයා කොහොමද ඒක දන්නෙ.

 

මම -

චිත්‍ර ප්‍රදර්ශන වලින්ම තමයි හොයා ගත්තෙ.

 

ම‍ගේ දේවතාවිය -

Moods ගැන බරපතල අධ්‍යයයනයක් කලා නේද?

 

මම -

ඔව්.

.......................................................................

 

ම‍ගේ දේවතාවිය -

දැන් මොකද හිතෙන්නෙ. වෙන ලෝකෙකටවත් යන්න හිතෙනවද?

 

මම -

?

.......................................................................

 

ම‍ගේ දේවතාවිය -

මෝඩයා, මිනිස්සු තම තමන් කැමති ගැහැනු මිනිස්සුත් එක්ක නිතරම මානසිකව Sex කරමින් ඉන්නෙ. ඒක තේරුම් අර‍‍ගෙන ජීවත්වෙන්න පුරුදුවෙන්න ඕනෙ.

 

මම -

ජීවත් වෙනව කියන්නෙ රංගනයකට ද?

 

ම‍ගේ දේවතාවිය -

නෑ.

 

මම -

එහෙනම්.

 

ම‍ගේ දේවතාවිය -

රංගනයෙන් ඉවත් වීමට.

 

Comments