වසන්ත නමස්කාරගේ 992 වැනි 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දේවතාවියක් සමග කලාව ගැන කතා කිරීම

 

ම‍ගේ දේවතාවිය -

අද මොකක්ද චිත්‍රය.

 

මම -

සංගීතය වරද්දාගත් ගායිකාව.

 

ම‍ගේ දේවතාවිය -

කෝබලන්න.

 

මම -

මේ තියෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

මේ චිත්‍රයේ තොරතුරු මැප් එක මට බලන්න ඕනෙ.

 

මම -

අයි ඔයා ඒකෙ නම මකන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

මමනෙ ඔයාගෙ කලාවෙ දේවතාවිය. ඒ නිසා.

 

ම‍ගේ දේවතාවිය -

දැන් නම නැතිව කියන්නකො.

 

මම -

ඇයි නම අයින් කරන්නෙ.

 

 

ම‍ගේ දේවතාවිය -

එපා. නම වැඩක්නෑ.

මම -

එකකොට කාටවත් තේරුම්ගන්න අමාරුයිනෙ.

 

ම‍ගේ දේවතාවිය -

අපි දෙන්නට විතරක් ‍තේරුම් ගත්තහම ඇති. තේරුම්ගන්න අය තේරුම් ගන්නව. නැති අය ගැන අපිට කරන්න දෙයක් නෑ.

 

මම -

ලංකාවෙ ප්‍රස්දධ ගායිකාවක් ඉන්නව. එයාගෙ එක පුතෙක් මියයනව. එදා ඉදන් එයා උග්‍ර මනෝ ව්‍යාධියකට ඇතුල් වෙනව. එදා ඉදන් එය සුදු පාට සාරි අදිමින් ආගමික මධ්‍යස්ථානවල කාලය ගත කරනව. ....................................

.........................................................................................

 

ම‍ගේ දේවතාවිය -

ඒ අගමික මධ්‍යස්ථාන වලිනුත් එයාට ප්‍රශ්නය පැහැදිලි කරල දෙන්නෙත් නෑ නේද?

 

මම -

එහෙම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ.

 

ම‍ගේ දේවතාවිය -

ඇයි ඔයා එයාට සංගීතය වරද්දාගත් ගායිකාව කියන්නෙ.

 

මම -

මට හිතෙනව එයා සංගීතය තේරුම් ගත්තනම් මේ වගේ මනෝ ව්‍යාධියකට ඇතුල්වෙන එකක් නෑ කියල.

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි. එයට තියෙන්නෙ හඩ විතරයි. ජීවිතය සංගීතයත් එක්ක බද්ධ වෙලා නෑ.

Comments