වසන්ත නමස්කාරගේ 999 වැනි 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දේවතාවියක් සමග කලාව ගැන කතා කිරීම.

 

මම -

ඇයි හිනාවෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

මේ චිත්‍රය දැකල හිනා ගියේ.

 

මම -

ඇයි.

 

ම‍ගේ දේවතාවිය -

ගුරුවරු, යාලුවෝ කියල හිතාගෙන සයිකො කේස්වලට රැවටුනා නේ ද?

 

මම -

ඔව්. මිනිස්සු මතුපිටින් පෙන්වන චර්යාව ඇත්ත කියල හිතුවා.

 

ම‍ගේ දේවතාවිය -

................................................................

 

මම -

ඇයි. ආයෙත් හිනාවෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

නෑ මම කල්පනා කලේ ගෑනුන්ට කොහොම රැවටෙන්න ඇති ද? කියලා.

 

මම -

දැනුත් එහෙම ද?

 

ම‍ගේ දේවතාවිය -

හපොයි නෑ.

 

ම‍ගේ දේවතාවිය -

දැන් ඔයාට පුලුවන් ඒවා ගැන Painting කරන්න.

 

මම -

මට සමහර තැන් ලිහා ගන්න අමාරුයි.

 

ම‍ගේ දේවතාවිය -

මම ලිහල දෙන්නම්.

 

මම-

ඇත්තටම ඇයි මිනිස්සු හැසිරීම් දෙකක් පෙන්වන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

මෝඩයා. දෙකක් නෙමෙයි ගනම් කරන්න බැරි තරම්, හිතාගන්නත් බැරි තරම් තියෙනවා.

 

මම -

ඇයි එහෙම වෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඒක මානසිකයි.

 

මම -

?

 

ම‍ගේ දේවතාවිය -

ඔව්. මිනිසුන්ගේ  Sex සම්පූර්න නොව්නාම, මිනිස්සු විවිධාකාර චර්යාවන් පෙන්වනවා. හිතන්නෙ එකක්, කියන්නෙ වෙන දෙයක්, කරන්නෙ තවත් දෙයක්..................................... 

Comments