Wasantha Namaskara's 1032nd

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් තිස් දෙවැනි (1032)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


ම‍ගේ දේවතාවිය -

පුතා ඔයාට ලොකු වැඩක් තියෙනවා.


මම -

මම දැන් අදින්නේ මොකුත් නැති චිත්‍රනෙ. ඒවායේ ලොකු වැඩ මොනවත්ම නෑ.


ම‍ගේ දේවතාවිය -

හරි, ඒක මම දන්නවා. ඔයා කොහොමද මොකුත් නැති චිත්‍ර අදින්න පුරුදු වුනේ.

 

මම -

චිත්‍ර ගැන ඉගෙන ගෙන.

 

ම‍ගේ දේවතාවිය -

චිත්‍ර ගැන ඉගෙන ගත්ත අය නම් කොච්චර ඉන්නවාද. චිත්‍ර වලට අමතරව ඔයා තවත් ‍දෙයක් දන්නවනේ.

 

මම -

?

 

ම‍ගේ දේවතාවිය -

හරි, මම දන්නවා ඔයා දන්නදේ. ඒක මම කියන්නද?

 

මම -

කියන්න බලන්න.

 

ම‍ගේ දේවතාවිය -

ඒක එහෙම කියන්න පුලුවන් දෙයක් නෙමෙයි ඒක. ඔයා චිත්‍ර උගන්වන්න පටන් ගන්න ඕනේ. එතකොට තමයි කියන්න පුලුවන්.

මම -

මොකුත් නැති චිත්‍ර අදින්නෙ කොහොමද කියල නේද උගන්වන්න ඕනෙ.

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි. හැබැයි ඒක ඔයා පටන් ගන්න ඕනෙ දන්නදෙයින්.

 

මම -

මොකුත් නැති චිත්‍රවල ගොඩක් දේවල් තියෙනවා.

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි. Logic එක අල්ල ගත්තානේ ද? බිංදුවෙන් පටන් ගන්න. අවසානයක් නෑ. කිසිවක් නැති චිත්‍ර.

Comments