Wasantha Namaskara's 1037th

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් තිස්හත් වැනි (1037)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


ම‍ගේ දේවතාවිය -

මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න ද?


මම -

අහන්න බලන්න.


ම‍ගේ දේවතාවිය -

මානසික පීඩනය Depression සහ Drawing  අතරේ  සම්බන්ධයක් තියෙනව ද ?


මම -

කොහෙත්ම නෑ.


ම‍ගේ දේවතාවිය -

එහෙනම් ඔය ගොඩක් අය කියන්නෙ.


මම -

එහෙම කියන්නෙ ඒ අය මානසික පීඩනයෙන් ඉන්න නිසා වෙන්න ඇති.


ම‍ගේ දේවතාවිය -

උදාහරන පෙන්නන්න පුලුවන් ද?


මම -

එන්නකො ස්ටූඩියෝ එක ඇතුලට.


ම‍ගේ දේවතාවිය -

මම දැක්කා. සමහර කේස් තවමත් Study  වෙනවා නේද?


මම -

ඔව්.


ම‍ගේ දේවතාවිය -

ඒවා හරියට නවකතා වගේ. අපි Painting කරනවත් එක්කම කතන්දර ටිකකුත් ලියමුද? මම කිව්වේ ඒ කේස් ගැන.


මම -

ඔහේ ලියාගෙනන යමු නේද?


ම‍ගේ දේවතාවිය -

අන්න හරි. ඒ තකා මැද්දට  Painting දාමු...........................

අපි ලබන සතියේ මිතිලා යමු.


මම -

ඒ කොහේ ද? එහේ මොනව ද තියෙන්නෙ.


ම‍ගේ දේවතාවිය -

නේපාලෙ කිට්ටුව තියෙන පලාතක්. ඒක ලංකාවට වඩා ගොඩක් විශාලයි. ලස්න කතාන්දර හැම තැනම ඇඳල තියෙනවා. අපි ටික කාලයක් මිතිලාවේ නවතිමු.


මම -

මම නේපාලෙ  ගිහින් තියෙනවා.


ම‍ගේ දේවතාවිය -

ඒ කොහොම ද?


මම -

ලංකාවෙන් එන වන්දනා නඩත් එක්ක.


ම‍ගේ දේවතාවිය -

භගවාන් තුමා ඉපදුන තැනටද? ( ඉන්දියාවේ පොදු ව්‍යව හාරයේ දී ඇතැම් අවස්ථාවලදී බුදුන් වහන්සේ භගවාන් ලෙස හදුන්වයි.)


මම -

ඔව්.


ම‍ගේ දේවතාවිය -

මම ගිහින් නෑ. අපි එහෙත් ගිහින් දවස් කීපයක් නවතිමු. මමත් ගොඩක් කැමතියි එහේ යන්න.


මම -

මොනව ද? එහේ ඇඳල තියෙන්නෙ.


ම‍ගේ දේවතාවිය -

අපි ගිහින්ම බලමුකෝ. ගොඩක් දේවල් ඇඳල තියෙනවා. භගවාන් තුමාගේ කතා, දේව කතා තව ගොඩක් දේවල්. එහේ ගියාට පස්සේ අපි කරන්න යන වැඩේට වෙනම ආකෘතියක් හැදෙයි.

 

Comments