Wasantha Namaskara's1020th

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් විසි වැනි (1020)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।

 


ම‍ගේ දේවතාවිය -

අද ඉන්දියාවේ පූර්නිමා දවස. අද රෑට අපිට සංගීතය අහන්නත් තියෙනවා.

 

මම -

මේලා එකෙන් ඔයාට ලස්සන ගව්මකුත් අරගම්මු.

 

ම‍ගේ දේවතාවිය -

වැඩක් නෑ අනේ. මම දැන් ගව්මට උඩින් පරන සාරියක්නෙ අදින්නෙ. ගන්නවනම් ගව්මට යටින් තියෙන ඇදුමක් අරගම්මු.

 

මම -

සායක් ද?

 

ම‍ගේ දේවතාවිය -

නෑ අනේ සායට යටින් තියෙන එකක්.

 

මම -

?

 

ම‍ගේ දේවතාවිය -

මේ බලන්න. මෙන්න මේක.

 

මම -

ඕවා මේලා එකේ නෑ. අපි ඒවා සාප්පුවකින් අරගම්මු.

 

ම‍ගේ දේවතාවිය -

මෙන්න මෙහේ වරෙන් මෝඩයෝ. මේලා එකේ නෙමෙයි සංගීතය තියෙන්නෙ.

 

මම -

එහෙනම් කොහෙද?

 

ම‍ගේ දේවතාවිය -

ඉන්නකෝ ටිකක් රෑවෙනකල්.

.........................................................................

එන්න අපි අර පැත්තට යමු.

 

ඔයාට ඇහෙනවද?

හුලගේ ශබ්දය.

ගස්වල කොල හෙලවෙන ශබ්දය.

පුංචි සත්තු කෑගහන හැටි.

 

මම -

මේක නේද ඔයා කිව්ව සංගීතය.

 

ම‍ගේ දේවතාවිය -

අන්න හරි.

 

මම -

මට මේ සංගීතය ඉස්සෙල්ලම ඇහුනේ ඉගත්පුරියේ භාවනා මධ්‍යස්ථානයේ දී. අර කදුමුදුනේ හුලග දැවටෙන සද්දෙ මට හොදට ඇහුනා.

 

ම‍ගේ දේවතාවිය -

ඇහුනා නෙමෙයි පුතා දැනුනා.

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

මටත් එහෙමයි. මටත් මේ සංගීතය ඉස්සෙල්ලම දැනුනේ. එතැනදී ධම්ම ගිරියෙ දී.

ඔයාට ධම්ම ගිරියේ සෙල් එකේදී දැනිච්ච සංගීතය කියන්න.

 

මම -

හාට් එකේ ශබ්දය. ශරීරය ඇතුලෙ ශබ්ද.

 

ම‍ගේ දේවතාවිය -

ශබ්ද නෙමෙයි පුතා. ඒ තමයි සංගීතය.

 

මම -

ඔව් ඇත්ත.

 

ම‍ගේ දේවතාවිය -

ඒ ශබ්ද වලට පස්සෙ ඔයාද දැනිච්ච සංගීතය කියන්න.

 

මම-

සිතිවිලිවල සංගීතය.

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි. ඊටත් පස්සෙ.

 

මම -

නිහඩ බවේ සංගීතය.

 

ම‍ගේ දේවතාවිය -

ඔයා හරියටම හරි.

දැන් අපි නිහඩබවේ සංගීතය අහන්න ඕනේ.

ඒක අපි දෙන්නගේ වාසනාවක්. සොබාදහමේ රහසක්.

Comments