Wasantha Namaskara's 1002nd

Psychological visual arts exhibition.

Walking through the villages of India with my goddess.

मेरी देवी के साथ भारत के गांवों में घूमना।


වසන්ත නමස්කාර ගේ එක්දාස් දෙවැනි (1002 වැනි)  

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග ඉන්දියාවේ ගම්මානවල ඇවිදයාම.

मेरी देवी के साथ भारत के गांवों में घूमना।




මම-

අපි මේ ගෙවල් අතරින් ඇවිදගෙන යමු ද?

 

ම‍ගේ දේවතාවිය -

යමු. එන්න.

ඔයා බලන්නෙ හෙවනැලි වැටිල තියෙන විදිහ නේද?

 

මම-

ඔව්. පුදුම ලස්සනයි. මට නම් දිව්‍ය ලෝකෙ ඇවිදිනව වගේ.

 

ම‍ගේ දේවතාවිය -

ගමේ කාටවත් ඇහෙන්න කියන්න එපා. පිස්සු කියල හිතයි.

 

මම-

ඒ වුනාට මේ අය අතරෙ ඇනුම් තේරුම් තියෙන අය ඉන්නවා.

 

ම‍ගේ දේවතාවිය -

අපොයි ඔව්. ඒ තමයි ඉන්දියාවෙ හැටි.

 

මම -

අර ගැනු අය මම එනකොට මූන වහගන්නෙ ඇයි.

 

ම‍ගේ දේවතාවිය -

මම එයාගෙන් අහන්න ද?

 

මම-

එපා. එපා.

 

ම‍ගේ දේවතාවිය -

ඇයි ගෑනුන්ගෙ මූන බලන්න ආස හිතුන ද?

 

මම -

මොකක්හරි චාරිත්‍රයක් ද?

 

ම‍ගේ දේවතාවිය -

ඔව්. මෙහේ ගෑනු අය තමන් දන්නෙ නැති පිරිමියෙක් එනකොට මූන වහගන්නව. මූන පෙන්වන්නෙ තමන්නෙ මනුස්සයට විතරයි.

 

මම -

අර බලන්න. වතුර කලේ ඔලුවෙ තියාගෙන යනකොට මාර ලස්සනයි.

 

ම‍ගේ දේවතාවිය -

මම එයාට කියන්න ද ඔයා එයාව ලස්සනයි කිව්වයි කියලා.

 

මම -

එපා. එපා.

 

ම‍ගේ දේවතාවිය -

ඇයි ඒ.

 

මම -

වැඩකට නැති අයට චිත්‍ර ප්‍රර්ශන කලා වගේ වෙයි.

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.

මම ඔයාගේ අතින් අල්ල ගන්නවා.

 

මම -

ඇයි.

 

ම‍ගේ දේවතාවිය -

ලස්සන ගෑනියෙක් පස්සෙවත් ගියොත්.

 

මම -

අපොයි නෑ.

 

ම‍ගේ දේවතාවිය -

බොරුවට අනේ. මම දන්නව ඔයා එහෙම නෑ කියල.

 

මම -

සුන්නදරත්වනේ මොහෙත.

 

ම‍ගේ දේවතාවිය -

Kajuraho Temple
















 



 

මම -

මම හරිම කැමතියි මේවගේ ගෙවල් වලට.

 

ම‍ගේ දේවතාවිය -

දිය සායම් ගංගාවක් නේද? ඉන්දියාව පුරාම ඕවගේ ගෙවල් ගොඩක් තියෙනවා.

 

මම -

‍මේ ගෙවල් හරියට ලස්සන දරු නැලවිල්ලක් වගේ.

 

ම‍ගේ දේවතාවිය -

ඔයා කියන දේ මට හොදට වැටහෙනව. ඒ උනාට වෙන කාටවත් කියන්න එපා. ඔයාට Hysteria කියල හිතයි. ‍විශේෂයෙන්ම  Life දන්නෙ නැති මෝඩ උගතුන්ට.

 

මම -

ඇත්ත. ඒ අය අපි කතා කරන Art වලින් ගොඩක් ඈත.

 

ම‍ගේ දේවතාවිය -

Art වලට වඩා ඒ අය Life වලින් ගොඩක් ඈත.

 

මම -

ඇයි එහෙම වෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඒක ගැන අපි වෙනම හොයන්න ඕනෙ.

......................................................................

එන්න අපි වෙන දෙයක් කතා කරනව වගේ ඒ ගොල්ලන්ගේ ලස්සන, ගෙවල්වල ලස්සන බලමු.

 

මම -

ඇයි අපි වෙන දෙයක් කතා කරනව වගේ ඉන්න ඕනෙ.

 

ම‍ගේ දේවතාවිය -

අර ඔයා මුල් කාලෙ නොදන්නා අයට වැඩකට නැති අයට චිත්‍ර ප්‍රදර්ශන පෙන්වන්න ගිහින් මොකද වුනේ. අන්න ඒ වගේ වෙනහින්දා.

 

මම -

ඇත්ත.

 

ම‍ගේ දේවතාවිය -

කියන්න බලන්න මේවා පේන්ට් කරන්න ගන්නන Watercolor.

 

මම -

හොද brand එකක් ගන්න ඕනෙ.

 

ම‍ගේ දේවතාවිය -

brand එකක් නෙමෙයි අනේ මම අහන්නෙ. නිල්, කහ, රතු, කොල අන්න ඒවාගේ නම්.

 

මම -

??????????????

 

ම‍ගේ දේවතාවිය -

ප්‍රශ්නෙ ගොඩක් අමාරුයි නේද?

 

මම -

හිතාගන්න බැරිතරම් අමාරුයි.

 

ම‍ගේ දේවතාවිය -

ඇයි ඒ.

 

මම -

පාට නම්කරන්න බෑ.

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.  එතන ඉදන් තමයි චිත්‍රය පටන් ගන්නෙ.

මිනිස්සුන්ගේ හැගීම් දැනීම් ඒවගේ තමයි. නම් කරන්න බෑ.

 

මම -

ඒවා අදින්න ගන්න පාටත් නම් කරන්න බෑ.

 

ම‍ගේ දේවතාවිය -

අන්න හරි. 









Comments