Wasantha Namaskara's 1004th

Psychological visual arts exhibition.

Loneliness in Ajantha caves (India) with my goddess.


වසන්ත නමස්කාර ගේ 1004 වැනි 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග අජන්තා ගුහාවල තනිවීම.

 


ම‍ගේ දේවතාවිය -

මේ අර බලන්න.

Welcome To Ajntha Caves

 

මම -

තව ගොඩක් දුරයි ද ?

 

ම‍ගේ දේවතාවිය -

සිහිය නෑ නේ ද? එතෙන්ට යනකල්.

 

මම -

මට ඉක්මනට පත්මපානී බලන්න ඕනෙ.

 

ම‍ගේ දේවතාවිය -

අපි මොවාහරි කමු ද?

 

මම -

මට බඩගිනි නෑ.

 

ම‍ගේ දේවතාවිය -

මම දන්නව ඔයාට බඩගිනි නෑ කියලා. මම නිකම් ඇහුවෙ.

 

මම -

ඇයි මට බඩගින් හැදෙන්නෙ නෑ.

 

ම‍ගේ දේවතාවිය -

හිතේ සතුට තියෙනවනම් බඩගිනි ද‍ැනෙන්නෙ නෑ.

මම -

ඒක ගැනනම් වෙනම හොයන්න ඕනෙ.

 

ම‍ගේ දේවතාවිය -

හරිටම හරි.

 

මම -

මේ බස් එකේ පත්මපානී දෙවියෝ ඉන්නවා.

 




ම‍ගේ දේවතාවිය -

කෝබලන්න. ඇත්ත තමයි.


අපිට කිසිම මහන්සියක් නෑ නේද?

 







මම -

නෑ. කිසිම මහන්සියක් නෑ.

ඇයි ඒ.

 

ම‍ගේ දේවතාවිය -

ඒකට හේතුවක් තියෙනවා.    

 

මම -

මොකක් ද?

 

ම‍ගේ දේවතාවිය -

හිතේ සතුට තියෙනවනම් මහන්සියක් දැනෙන්නෙත් නෑ.

 

මම-

ලෝකෙ පුරාම තියෙන්නෙ සතුට නැති ප්‍රශ්නෙ නේද?

 

ම‍ගේ දේවතාවිය -

අන්න හරි. සුන්දරත්වනේ මොහොත . Kajuraho Temple.

 

............................................

.............................................

 

ම‍ගේ දේවතාවිය -

මෙන්න ඔයාගේ පත්මපානී දෙවියෝ.

 



මම -

..............

ම‍ගේ දේවතාවිය -

කෝ බලන්න.......

ඇත්තටම ඔයාගේ පපුවෙන් හුස්ම වැටෙන්නෙ නෑ. සතුට තියෙනවානම් හුස්මෙනුත් වැඩක් නෑ.

 

 

ම‍ගේ දේවතාවිය -

මේ ජනේලෙ ගාවට පොඩ්ඩක් එන්න.

 

මම -

.................

 

ම‍ගේ දේවතාවිය -

මේන් බලන්න. අජන්තාවෙන් ඉර බහිනවා.

 


මම -

අපිට රෑට කන්න ඕනෙත් නෑ වගේ.

 

ම‍ගේ දේවතාවිය -

හිතේ සතුට නියෙනවනම් කෑම විතරක් නෙමෙයි, හුස්ම ගන්නත් ඕනෙ නෑ.

  

Comments