Wasantha Namaskara's 1004th

Psychological visual arts exhibition.

Loneliness in Ajantha caves (India) with my goddess.

 

වසන්ත නමස්කාර ගේ එක්දහස් හතර වැනි (1004 වැනි )

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග අජන්තා ගුහාවල තනිවීම.

मेरी देवी के साथ अजंता की गुफाओं (भारत) में अकेलापन।


ම‍ගේ දේවතාවිය -

පුතා එන්න ඔයාගෙ පත්ම පානී දෙවියො ආයෙත් බලමු.

 

මම-

මොන පුතා ද? මෑනියන්ගේ පුතා ද?

 

ම‍ගේ දේවතාවිය -

අපොයි නෑ. මගෙ පුතා.

මම ආසයි අනේ ඔයාට පුතා කියන්න.

 

මම -

මේ රූපෙට මම ගොඩක් කැමතියි.

 

ම‍ගේ දේවතාවිය -

මමත් ආසයි. කෝබලන්න හාට්එක නැවතිලා ද? කියලා. හරි නැවතලා. දැන් ඔයා මෙච්චර සියුම් දේවල් ඒ කියන්නේ Art ගැන Life දන්නෙ නැති අසහනකාරී අයත් එක්ක කතා කරන්නම එපා. තේරුමක් නෑ.  

 

මම -

ඇත්ත. මම කලින් හිතුවේ එහෙම කතා කරනකොට මිනිස්සුන්ට  තේරෙනව කියලා.

 

ම‍ගේ දේවතාවිය -

මෝඩ ගෑනුන්ටත් හොදට කලාව ඉගැන්නුව නේද?

 

මම -

මම දන්නෙ නෑනෙ.

 

ම‍ගේ දේවතාවිය -

දැන් දන්නවනෙ.

 

මම -

ඔව්. චිත්‍ර පෙන්නන්න ඕනෙත් ඒකට ගැලපෙන අයට විතරයි. කතා කරන්නනම් කොහොමත් හොද නෑ.

 

ම‍ගේ දේවතාවිය -

අන්න හරි. ඔයාට ඉක්මනින් ඒවා වැටහෙන්නෙ ව්‍යාජ මිනිස්සු අතරෙ සයිකො කේස් අතරෙ හිටපු නිසා.

 











Comments