Wasantha Namaskara's 1012th

Psychological visual arts exhibition.

Walking through the villages of India with my goddess. 

වසන්ත නමස්කාර ගේ එක්දාස් දොළොස් වැනි (1012)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග ඉන්දියාවේ ගම්මානවල ඇවිදයාම.

मेरी देवी के साथ भारत के गांवों में घूमना।

 


මම -

ඇයි ඔලුව සුදුපාට කරන්නෙ. මොකක් හරි Drama එකක් ද?

 

ම‍ගේ දේවතාවිය -

ලොකූ............ Drama  එකක් මැණික.

 

මම -

? මැණික කිව්වේ Drama  එකේ නමද?

 

ම‍ගේ දේවතාවිය -

නෑ අනේ මැණික කිව්වේ ඔයාට. මම ආසයි ඔයාට එහෙම කියන්න.

 

මම -

? ඇත්තටම මොකක් ද? අද කරන්න යන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

සමාජයේ අනෙක් මිනිස්සු වගේම අපිත් ටිකක් රගපාන්න පුරුදුවෙන්න ඕනෙ. හැබැයි ඒ අය කරන දෙයම නෙමෙයි ඒකේ අනික් පැත්ත තමයි අපි කරන්නෙ.

 

මම -

ඇත්තටම මේ මොකක් ද? කරන්න යන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

මේ ලස්සනයි ද?

 

මම -

අව්රුදු ගානකින් වයසට ගිහින් වගේ.

 

ම‍ගේ දේවතාවිය -

එතකොට මෙතන බලන්න.

 

මම -

ඇයි එතන විතරක් කලු පාට.

 

ම‍ගේ දේවතාවිය -

ඒක අපි දෙන්න විතරක් දැනගත්තහම ඇති.

 

මම -

තවම මට තේරෙන්නෙ නෑ මොකක් ද? ඔයා කරන්න හදන්නෙ කියලා.

 

ම‍ගේ දේවතාවිය -

බොරුවට නෙමෙයි, ඇත්තටම රගපාන්න හදන්නේ. සමාජ වේදිකාවේ.

 

මම -

??????

 

ම‍ගේ දේවතාවිය -

අද ඉලදන් අපි යනවා ජෛන පන්සල් බලන්න.

 

මම -

එතකොට කොන්ඩෙ සුදු පාට කරන්න ඔනෙ ද?

 

ම‍ගේ දේවතාවිය -

අපොයි නෑ එහෙම එකක් නෑ.

ඉන්න මම අර ලොකු ළමයි ගාවට ගිහින් මගේ Drama එක චෙක්කරගෙන එන්නම්.

 

මම -

????????????

ඒඅය ඔයාට बड़ी बहन කිව්වා නේ ද?

 

ම‍ගේ දේවතාවිය -

ඒ කියන්නේ මගේ Drama එක හරි. එන්න අපි යමු.

 

මම -

හැබැයි හැරමිටියක් එහෙමත් ගන්නවෙයි.

 

ම‍ගේ දේවතාවිය -

දැනට එච්චර ඕනෙ නෑ මෝඩයෝ. ඔයා හැරමිටියක් ගන්නකොට මමත් ගන්නම්. හරිනෙ.

 

මම-

මට දැන් තමයි තේරුනේ.

 

ම‍ගේ දේවතාවිය -

දන් අපිට පුලුවන් සමාජයේ තියෙන ගොන් ගති පිස්සු ගති අතරින් ලස්සනට රිංගලා යන්න. මේකතාව ඉක්මනට ස්කෙච් කරගන්න. පස්සේ කරන්න හිටියොත් Painting එකේ Moods අයින් වෙනවා. එන්න අපි අතනින් ඉදගෙන වැඩේ ඉවර කරල පන්සලට යමු. ...........................

ඇයි හිනාවෙන්නෙ.

 

මම -

මට හිතෙන්නෙ නම් අවුරුදු ගානකින් ඔයා වයසට ගියා කියල නෙමෙයි.

 

ම‍ගේ දේවතාවිය -

එහෙනම්.

 

මම -

අවුරුදු ගානකින් තරුණ වුනා කියලා.

 

ම‍ගේ දේවතාවිය -

මම ඔයාට කලින් දවසක කිව්වා නේ ද? මම ඉක්මනට වයසට යන්නම් කියලා.

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

ඔන්න, මන්න මෙහෙම තමයි ඉක්මනට වයසට යන්නෙ.

 

මම -

ඒකෙන් මොකක් ද? සිද්ධ වෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඇයි මෝඩයෝ අපි ගැන මිනිස්සුන්ගේ තියෙන ලිංගික ඉරිසියාව නැති වෙනවා. ඇයි මොක ද? බකමූන වගේ කල්පනා කරන්නෙ.

 

මම -

සමාජය ගැන හොයන්න ගිය ගොඩක් අය ඕවගේ ක්‍රම පාවිච්චි කරලා තියෙනවා.

 

ම‍ගේ දේවතාවිය -

මේ ඒක නෙමෙයි, ඔයා කවටිකක් හින්දි ඉගෙනගන්න ඕනෙ. එතකොට මුලු ඉන්දියාවම අපේ.

 

මම -

ඇත්ත. මම එහෙම කරන්නම්.

 

ම‍ගේ දේවතාවිය -

එන්න අපි ටෙම්පල් එක බලමු. මේ තියෙන්නේ අලුතින් හදන පන්සලක්. මේ ලග තවත් කීපයක් කියෙනවා.

 

මම -

මේ අය හරිම දක්ෂයි නේ ද?

 

ම‍ගේ දේවතාවිය -

ඔව් ඒඅය කොච්චර දක්ෂද? කියලා ඒ අයවත් අන්නෙ නෑ.

 

මම -

මේ අයගේ සුන්දර වෙනසක් මට දැනෙනවා.

 

ම‍ගේ දේවතාවිය -

ඇත්ත. ඒ වෙනස ඇතිවෙලා තියෙන්නේ ඒ අයගේ සංස්කෘතියෙන්. දැන් අපි ටිකෙන් ටික ඒ අයගේ සංස්කෘතියේ මුල් හොයා ගන්න ඔනෙ. මේ අය හුගාක් සාධාරන සාමකාමී කොටසක්. මේ අය අතරේ දික්කසාද ඇත්තෙම නැති තරම්.

 

මම -

ලෝකේ තියෙන මානව හිතවාදී සුන්දරම සංස්කෘතියක්.

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.

 

මම -

එහෙනම් ඔයාගේ මේකප් අයින් කරන්න.

 

ම‍ගේ දේවතාවිය -

එහෙම බෑ අනේ. මේ අයගේ සුන්දරම සංස්කෘතියට බාහිර ව්‍යාජ සංස්කෘතීන්වල බලපෑම තියෙනවා. අපි ඒක දැනගන්න ඕනෙ.

 

මම -

ඔයා හරි මට තේරෙනවා.

 

ම‍ගේ දේවතාවිය -

ජෛන තාපසයෝ ආස්‍රය කරනකොට ඔයාට මේවා හොදින්ම වැටහෙයි.

 

මම -

////???

 

ම‍ගේ දේවතාවිය -

මම දන්නවා ඔයා කල්පනා කරන්නෙ ලංකාවේ සංස්කෘතිය ගැන නේ ද?

 

මම -

ඔව්. ඒවා වෙනම කතන්දර.

 

ම‍ගේ දේවතාවිය -

ඒකනේ. මිනිස්සු බාහිරින් පෙන්වන දේට වඩා ඇතුල් පැත්ත ගොඩක් වෙනස්.

 

මම -

ඒත් මිනිස්සු බොරුවට රගපෑවට දැනෙන දෙය වෙනස් කරන්න බෑ නේද?

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.































Comments