Wasantha Namaskara's 1013th

Psychological visual arts exhibitions.

Walking through the villages of India with my goddess.


වසන්ත නමස්කාර ගේ එක්දාස් දහතුන් වැනි (1013)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග ඉන්දියාවේ ගම්මානවල ඇවිදයාම.

मेरी देवी के साथ भारत के गांवों में घूमना।



ම‍ගේ දේවතාවිය -

පුතා අපි අද ජෛන මන්දීර්වලට යනවා. නිගන්ට තාපයෝ බලන්න.

 

මම-

අදත් පුතා කියන දවසක්ද?

 

ම‍ගේ දේවතාවිය -

ඔව් අනේ. මම ඔයාට පුතා කියන්න ආසයිනෙ.

 

මම -

එතකොට සමහර වෙලාවට සත්තුන්ගෙ නම් එහෙමත් කියවෙනවනෙ.

 

ම‍ගේ දේවතාවිය -

එහෙම තමයි අනේ. ආදරේ වැඩි උනහම. ඔයාට Nude figure කිව්වොත් ඉවසීමක් නෑ නේද? ඔන්න අද හොදට බලන්න පුලුවන්.

 

මම-

Nude figure නිසා නෙමෙයි. මම ජෛන තාපසයන්නේ අවිහිංසාවට, කරුණාවන්ත කමට ගොඩක් කැමතියි.

 

ම‍ගේ දේවතාවිය -

ඒක මම දන්නව අනේ.

අපි මේ පාර දිගේ ගග උඩට ගියහම ආ‍රාමෙ තියෙනව. බජිරි හේන මැද්දෙන් යන්නෙ.

.........................................................................................

............................................................................................

 

මම -

අන්න අර කුඹුර අයිනෙ නිගන්ට තාපසයෙක්.

 

ම‍ගේ දේවතාවිය -

කෝ මට පේන්නෑනෙ.

 

මම -

අර බජිරි යාය පටන් ගන්න තැන. එයා තරුණ තාපසයෙක් වගේ.

ඇයි හිනා වෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඇත්ත තමයි. ඔයා ගිහින් බලල එන්න.

 

මම -

ඇයි ඔයත් එන්න.

 

ම‍ගේ දේවතාවිය -

මට එයා දක්කහම Sex මතුවෙනවා.

 

මම -

ඒකට කමක් නෑ යමු.

 

ම‍ගේ දේවතාවිය -

පිස්සෝ... ලිංගික ඉරිසියාව කියල දෙයක් දන්නෙම නැද්ද?

 

මම -

කොහොම ද ඒක.

 

ම‍ගේ දේවතාවිය -

මොකක් ද?

 

මම -

ලිංගික ඉරිසියාව.

 

ම‍ගේ දේවතාවිය -

මට බෑ අනේ.... මේ පිස්සත් එක්ක.

 

මම -

ඇයි හිනා වෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

කෝ මූන පොඩ්ඩක් පාත් කරන්න.

ඉඹින්න මූනක් නෑනෙ. මූන පුරාම රැව්ලනෙ.

 

මම -

ඇස්වලින් කදුලුත් ඇවිත්. ඇස්වල රැවුල්ගස් වැදුනද?

 

ම‍ගේ දේවතාවිය -

සතුටට අනේ. මම පස්සෙ කියන්නම්.

 

මම -

????

 

ම‍ගේ දේවතාවිය -

ඔයා බෑග්එක මට දීල තාපස තුමා බලල එන්න. බලන්නකො, මොකක්ද තාපසතුමා ලගට ගියහම ඔයාට දැනෙන්නෙ කියලා. හැබැයි තාපස තුමා ඔයා පැත්තට ආවොත් ඉක්මනට එන්න.

 

මම-

? ? ?

ඔයා එන්නෙ නැද්ද?

 

ම‍ගේ දේවතාවිය -

නෑ මම මෙතෙන්ට වෙලා තාපසයා දිහා බලාගෙන සවයං වින්දනයේ යෙදෙන්නම්.

 

මම -

එහෙම ඕනෙ නෑ අපි යමු.

ඇයි හිනාවෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

අනේ පලයන් පිස්සො. ගිහින් ඉක්මනට බලල වරෙන්. තව යන්න තියෙනවා අපිට.

.............................................................................................

 

ම‍ගේ දේවතාවිය -

මොක ද? තාපස තුමා හොදද.

 

මම -

ඒ තාපස තුමාට සයිකො වගේ. මම ලංකාවෙදිත් ඕවගේ පූජකයෝ, හාමුදුරුවරු දැකල තියෙනවා.

 

ම‍ගේ දේවතාවිය -

අනේ ගොනෝ ඒ තාපසයෙක් නෙමෙයි. මේ ගමේ ඉන්න පිස්සු මනුස්සයෙක්.

 

මම -

ඇයි එයාව ඉස්පිරි තාලෙකට ගෙනියන්නෙ නැඅද්ද. එයාට සයිකො කියල ගමේ අය දන්නෙ නැතිව ඇති.

 

ම‍ගේ දේවතාවිය -

දන්න අයත් ඇති නොදන්න අයතමයි ගොඩක් ඉන්නෙ. සමහර නොදන්න අය එයාට තාපසයෙකුට වගේ සලකනවා. මෙයානම් සයිකො කේස් එකක්. ඕවගේ කපටි අයත් ඉන්නවා.

 

මම -

මිනිස්සු ඉතින් ඔහොම තමයි.

ඇත්ත අය ඉන්නෙ තව එහා ද?

 

ම‍ගේ දේවතාවිය -

ඔව්.

හැබැයි ඔයා ලිංගික ඉරිසියාව කියන්නේ මොකක්ද? කියල නම් දන්නෙම නෑ.

 

මම -

?

 

ම‍ගේ දේවතාවිය -

එන්න අනේ,

සුන්දරත්වයේ මොහොත. 

Comments