Wasantha Namaskara's 1015th

Psychological visual arts exhibitions.

Walking through the villages of India with my goddess. Spiritual Conversation in the Visual Arts.


වසන්ත නමස්කාර ගේ එක්දාස් පහළොස් වැනි (1015)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග ඉන්දියාවේ ගම්මානවල ඇවිදයාම.  දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ भारत के गांवों में घूमना।

दृश्य कला में आध्यात्मिक वार्तालाप।



ම‍ගේ දේවතාවිය -

මගෙ මැණික එන්න. අපි අර චිත්‍ර සැලසුම තවත් ඉස්සරහට ගෙනියමු.

 

මම -

අර සයිකෝ කේස් එක ද?

 

ම‍ගේ දේවතාවිය -

ඔව්. ඒක Art වලට ඇතුලු වෙන්න තියෙන නියම පොයිට් එකක්. ......................................................................

 

මම -

හරි. පටන් ගනිමු.

 

ම‍ගේ දේවතාවිය -

ඉන්න තේ එකක් එහෙම බීලම පටන් ගනිමු. කීයට ඉවර වෙයි ද? දන්නෙත් නෑහැනේ...................................................

මම ආසයි ලංකාවේ රූපවාහිනී චැනල් එකක් බලන්න....

ඉන්නකෝ............. හරි මේ තියෙන්නෙ.

 

මම -

ඉන්දියාවේ වගේම තමයි ලොකු වෙනසක් නෑ.

 

ම‍ගේ දේවතාවිය -

හරි එක චැනල් එකක් අහුවුනා.......... මේන්න අර හිටගෙන සුනිල් මේ චැනල් එකේ ඉන්නවා...................මේ කේස් එක ගැන තමයි අද අපි Painting සැලසුම් කරන්නෙ.

මේ කතාව හොදට අහගන්න.....................

ඇයි හිනා වෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

හිටගෙන සුනිල් නෙමෙයි. මහාචාර්ය හිනිදුම සුනිල්.

 

ම‍ගේ දේවතාවිය -

අනේ මට හින්දියෙන් කියවෙන්නෙ එහෙමනෙ.

 

මම -

කලාව කියලා මෙයා විකාර දොඩවනවා. මහාචාර්ය හිනිදුම සුනිල් එදා ඉදලම කලේ තමාව බේරා ගැනීමට, තමන්ගේ වාසියට  මිනිසුන්ගේ නිර්මානාත්මක හැකියාවට සර්පයෙක් වගේ සියුම්ව පහර දෙන එක. ඒක ලංකාවේ ගොඩක් අයට තේරෙන්නෙ නෑ. එයා මෙතනිදිත් තමන්ගේ සුපුරුදු වැඩේ කරනවා.

ඇයි ඔයා හිනාවෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඉතින් මොඩයෝ සයිකො කේස් එකකින් පිටවෙන්නෙ සයිකොම තමයි.............. නමුත් මෙතන වෙන ප්‍රශ්නයකුත් දැනෙනවා.

මෙන්න ඩ්‍රෝවින් පොත. ඔයා මේ කතාව අහගෙන හොදට ස්කෙච් කරන්නකෝ.

ඔයාගේ වාසනාවන්ත කාලේ. හැමදේම හිතනකොට ලගටම ගලාගෙන එනවා.

මෙතන ඉන්න අනෙක් අය ‍ඔයා දන්න අය ද?

 

මම -

ඔව්. කීපදෙනෙක් දන්නවා.

සනත් ගුනතිලක - එයා ලංකාවේ චිත්‍රපට නලුවෙක්. මම එයත් එක්ක එක දවසක් කතා කරලා තියෙනවා.

නිලාර් කාසිම් - එයා අපේ කැම්පස් එකේ හිටපු යාලුවෙක්. මම හිතන්නෙ එයා එයා දැන් මාධ්‍ය වැඩ කරන්නෙ.

අනෙත් අයනම් මම දන්නෙ නෑ..................

ආ...... මේ නිලිය මම දන්නවා. එයා ලංකවේ චිත්‍රපට කීපයක රගපාලා තියෙනවා. මට දවසක් හම්බවෙලත් තියෙනවා.

ඇයි ඔයා හිනාවෙන්නෙ.

 

 

ම‍ගේ දේවතාවිය -

අර නිලියට ඔයා ලංකාවෙ දි කලාව එ‍හෙම උගන්වන්න ගියේ නැද්ද?

 

අපොයි නෑ. හැබැයි මගේ යාලුවෙක් නම් එයාට චිත්‍ර උගන්වන්න ගියා.

 

ම‍ගේ දේවතාවිය -

ඊට පස්සෙ මොකද වුනේ.

 

මම -

මේගොල්ලන් මෙතන ලංකාවේ චිත්‍ර පටි ගැන කතා කරන්නේ. ලොකු දෙයක් නෑ. මම ඒවා ඔයාට හින්දියෙන් කියලා දෙන්නම්.

හිනිදුම සුනිල් හිමින්සැරේ තමන්ගේ මහාචාර්ය පදවිය බේරාගන්න නලු නිලියන්ගේ රංගන හැකියාවට අවිඥානිකව පහර දෙනවා. ඒක ඒ අය දන්නෙ නෑ. මෙතන එකිනෙකාට එකිනෙකා වගේම තම තන්ට තම තමන් හදුනා ගන්න බැරිව ඔහේ කතා කරනවා. ඔයාට මේක හින්දියෙන් කියල දෙනකොට හිනා යයි.

 

ම‍ගේ දේවතාවිය -

ඒක නෙමෙයි මෝඩයෝ මම ඇහුවේ.

 

මම -

එහෙනම්.

 

ම‍ගේ දේවතාවිය -

අර නිලියට චිත්‍ර උගන්වන්න ගිය කෙනාට මොක ද? වුනේ කියලා.

 

මම -

එයාට චිත්‍ර අදින්න බැරිව ගියා. නිලියට රගපාන්න බැරිව ගියා.

..............................................................

Comments