Wasantha Namaskara's 1024th

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් විසිහතර වැනි (1024)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


මම -

ඔන්න ඔයවිදිහේ ගව්මක් තමයි අර හෑන්ඩ් බිලේ චිත්‍රයේ තිබුනෙ.

 

ම‍ගේ දේවතාවිය -

මම කැමතිම ඇදුමක් තමයි මේක. ඒ කියන්නේ ඔයාගේ අවිඥානයේ ඉදල තියෙන්නෙම මාව විතරමයි.

 

මම -

මාල වලලු ගොඩක් ඇයි මේ.

 

ම‍ගේ දේවතාවිය -

මම ආසයි අජන්තා චිත්‍ර වගේ ඇදුම් අදින්න. මාල වලලු දාන්න.

 

මම -

ඉතින් අපි එවා අරගම්මු.

 

ම‍ගේ දේවතාවිය -

එහෙම නෙමෙයි අනේ. අපි බඩු ගෙනත් හදමු.

 

මම-

හරි අපි අදම ඕනකරන දේවල් අරගම්මු.

 

ම‍ගේ දේවතාවිය -

එහෙම නෙමෙයි. අපි අජන්තා ගිහින් ගෙදරක් හොයාගෙන ටික දවසක් එහේ නවතිමු. කජුරාවේ හිටිය වගේ. එහේ ඉදලා Painting සැලසුම් කරමු.

 

මම -

නියමයි. අජන්තා චිත්‍රයක් පාරෙ ඇවිදිනවා වගේ තියෙයි.

 

ම‍ගේ දේවතාවිය -

අනේ මෝඩයෝ, පාරෙ ඇවිදින්න නෙමෙයි.

 

මම -

එහෙනම්,

 

ම‍ගේ දේවතාවිය -

මම අජන්තා චිත්‍ර වගේ අදින්නෙ ගේ ඇතුලෙ ස්ටූඩියෝ එකේදි විතරයි.

 

මම -

ගෙයින් එළියට යනකොට වයසක නෙනෙක් වගේ. ඇයි ඒ.

 

ම‍ගේ දේවතාවිය -

එහෙම තමයි මෝඩයෝ. එතකොට ජීවත්වෙන්න ගොඩාක් පහසුයි. ගොඩක් ගෑනු අය ලස්සට ඉන්නෙ අනුන්ට පේන්න.‍‍

 

මම -

?

 

ම‍ගේ දේවතාවිය -

මෝඩයෝ තේරෙන්නෙ නැද්ද ගොඩක් ගෑනු ලස්සන වෙන්නෙ පිරිමින්ට පේන්න.

 

මම -

?

 

ම‍ගේ දේවතාවිය -

ඔයාට ඒවා ප්‍රශනයක් නැත්තෙ අපේ Sex සම්පූඒන නිසා. ගොඩක් අයගේ Sex සම්පූර්න නෑ. ඔය අතරෙ සයිකො කේස් ගොඩයි. නැත්නම් ගෑනු මින්ස්සු හොයනවා. මිනිස්සු ගෑනු හොයනවා. නැත්නම් හිතින් මවාගෙන හරි ජීවත් වෙනවා. මතකනෙ සවයං වින්දනයේ යෙදිච්ච කාල. මව, පියා, දරුවෝ මේ ඔක්කොම Sex සමාජය පිලිගන්න විදිහට ප්‍රදර්ශනය කරන ක්‍රම............පවුල් ඇතුලෙ ප්‍රශ්න ගොඩයි. සමාජයෙත් ඒ විදිහමයි.

 

මම -

මිනිස්සු Sex වහගන්න කරන උත්සාහය දැක්කහම .........................................................................

අපි අජන්තා යනගමන් ඉගත්පුරිවල භාව‍නා මධ්‍යස්ථානයටත් යමු.

 

ම‍ගේ දේවතාවිය -

අන්න හරි අපි යනගමන් විතරක් නෙමෙයි එනගමනුත් එතෙන්ට යමු.

ඔයා කියන්නෙ ඇත්ත. නමුත් ඒ අය අතරෙ තමයි අපිට ජීවත් වෙන්න තියෙන්නෙ.

 

මම -

මම හිතන්නෙ අපි මේ කරන සැලසුම අර චිත්‍රවලට වඩා ගොඩක් ඉස්සරහට යනවා.

 

ම‍ගේ දේවතාවිය -

ඉස්සරහට යනවා නෙමෙයි. මේක තමයි ක්‍රමය. පුතාට තේරෙනවද අපිමේ කන්නෙ මොකක්ද කියලා.

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

කියන්න බලන්න.

 

මම -

කාලය ගෙවා දැමීම.

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.

 

මම-

මෙතනින් එහාට අපිට තවත් හොයන්න දෙයක් නෑ. ඒත් මේ වැඩේ පටන්ගන්න කලින්  තව ටිකක් Figure එකේ   Anatomy හොයන්න ඔනේ.

 

ම‍ගේ දේවතාවිය -

ඉතින් අපි බරණැස ගහට්වල සොහොනේ ටික දවසක් නවතිමු. ගංගාව අයිනෙම හොටල් තියෙනවනෙ. මිනී පිච්චෙන දිහා බලාගෙන හොදට Anatomy හොයා ගන්න පුලුවන්.

 

මම -

අපිට භාවනා කරන්නත් පුලුවන්.

 

ම‍ගේ දේවතාවිය -

ඇයි ඔයාට ගංජා ටිකක් බොන්නත් පුලුවන්නෙ.

 

මම -

ඒහරියේ ගංජා වලටත් වඩා දේවල් තියෙනවා. ඈත උනත් කමක් නෑ අපි හොද තැනක නවතිමු.  නැත්නම් ඔයාට කරදරයි. එතන ඉන්නවානම් හොදම තැනක නවතිමු.

 

ම‍ගේ දේවතාවිය -

අපොයි මට කිසිම ප්‍රශ්නයක් නෑ. මම එහේ ඉන්න දවස්වලට පිරිමියෙක් වෙනවා. එතකොට ප්‍රශ්නයක් නෑනෙ.

මම -

පිරිමියෙක් වෙනවා?

 

ම‍ගේ දේවතාවිය -

ඔව් පිරිමියෙන් වෙනවා.

බයවුනා නේද? සුන්දරත්වයේ මොහොත නැතිවෙයි කියලා. මම පිරිමියෙක් වෙන විදිහ එතකොට බලාගන්නකෝ............

මේ Artist ඔයවගේ මෝඩ ප්‍රශ්නවලට උත්තර නෙමෙයි හොයන්න ඕනෙ. මේ සැලැස්ම ඉන්දියාවේ මූර්ථි වලටත් ගලපන්න පුලුවන්ද කියලා හොයලා බලන්න.

 

මම -

චිත්‍ර වලට වඩා ලේසියෙන්ම මේ ක්‍රමය මූර්ථිවලට ගැලපෙනවා.

 

ම‍ගේ දේවතාවිය -

එහෙනම් හරි. බයවෙන්න එපා මම ටික දවසක් පිරිමියෙක් උනාට සුන්දරත්වයේ මොහොතට අවශ්‍ය ශරීර කොටස් ඒ විදිහටම තියෙනවා.

 

Comments