Wasantha Namaskara's 1023rd

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් විසිතුන් වැනි (1023)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।

 


ම‍ගේ දේවතාවිය -

නරියෙක් සිංහයෙක් වගේ නෑගහකොට බය වුනා නේද? තල්මහෙක් කියලා හාල් මැස්සෙකුට රැවටුනා නේද?

 

මම -

ඒකාලේ මම දැනගෙන හිටියෙ නෑ නරින්ට සිංහයෝ වගේ කෑගහන්න පුලුවන් කියලා. මට ඒකාලේ හාල්මැස්සොත් පෙනුනේ තල් මසුන් වගේ.

 

ම‍ගේ දේවතාවිය -

ඒවා එහෙම තමයි අනේ. ඒක තමයි අපේ වාසනාව කියන්නෙ. ඔයා දන්නවද ගෝත්‍රිකයෝ කොටියගේ ශබ්දය කටින් ඇති කරලා හරක් බය කරනවා.

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

අන්න එවාගේ වැඩක් තමයි මෙතනත් වෙලා තියෙන්නෙ. මම දැක්කා මේ Painting එකේ රියසල් එක. ඔයාට දැන් Art සම්බන්ධයෙන් කාටවත් මොකුත්ම කරන්න බෑ. ඒ නිසා බය නැතිව අදින්න. කියන්නකෝ මේ Painting එක ගැන තොරතුරු ටිකක්.

 

මම -

මේ තියෙන්නෙ මැප් එක‍.

 

ම‍ගේ දේවතාවිය -

එහෙම නෙමෙයි අනේ. අපි දෙන්න කතා කරමු. මම හිතන්නෙ මේ කේස් එකෙන් තවත් ගොඩාක් දේවල් ‍තේරුම් ගන්න පුලුවන්. කියන්නකෝ Painting එකේ නම. හැබැයි මට හින්දියෙන් ඔක්කොම විස්තර කරන්න ඕනෙ...........

 

මම -

Painting එකේ නම, උපුල් ශාන්ත සන්නස්ගල. මට ඉස්සර Art ගැන ලොකු දැනුමක් තිබුනෙ නෑ. ඒ වුනාට Art පංති කරන්න හිතුනා.

 

ම‍ගේ දේවතාවිය -

එතන ඔයාට පොඩ්ඩක් වැරදුනා.

 

මම -

පොඩ්ඩඩක් නෙමෙයි සම්පූර්නයෙන්ම වැරදුනා.

 

ම‍ගේ දේවතාවිය -

හරි මෝඩයෝ. ඔයාට Art පංති කරන්න නෙමෙයි හිතුනේ.

 

මම -

එහෙනම්.

 

ම‍ගේ දේවතාවිය -

මෝඩ ගෑනුන්ට චිත්‍ර උගන්වන්න.

 

මම -

ඔව් ඒක එහෙම තමයි.

 

ම‍ගේ දේවතාවිය -

ඊට පස්සෙ මම ලස්සන හෑන්ඩ් බිලක් අච්චු ගහලා බෙදලා දුන්නා.

 

ම‍ගේ දේවතාවිය -

ඒ හෑන්ඩ් බිල ඔයාට මතකද?

 

මම -

ඔව්. ටිකක් මතකයි. අජන්තා චිත්‍රයක් කරට අතතියාගෙන ඉන්න කෙල්ලෙක්. ඒ හෑනඩ් බිලේ හිටියෙ. ඒ හෑන්ඩ් බිල ගොඩක් ලස්සනයි. දකින දකින හැමෝම ඒක අරගෙන ගියා.

ඇයි හිනාවෙන්නෙ.

 

 

ම‍ගේ දේවතාවිය -

මම කිව්වා හරිනෙ. ඔයාගේ අවිඥානයේ වැඩකරල තියෙන්නෙ චිත්‍ර පංති නෙමෙයි.

 

මම -

මෝඩ ගෑනියෙක්ද?

 

ම‍ගේ දේවතාවිය -

අපොයි නෑ. ගොඩාක් හොද ගෑනියෙක්.

 

මම -

ඔයාද? ඒ

 

ම‍ගේ දේවතාවිය -

ඔව්. මම තමයි.

 

මම -

?

 

ම‍ගේ දේවතාවිය -

සොබා දහමේ සැලසුම් තේරුම් ගන්න. ඒවා ගොඩක් රහසිගතයි. ඔයා තමයි එතැනදී චිත්‍රය. මට කියල දෙන්න ඒ චිත්‍රය කොහොමද තිබුනෙ කියලා.

 

මම -

මෙන්න මෙහෙම තමයි ඒ හෑන්ඩ් බිලේ කෙල්ල හිටියේ.

 

ම‍ගේ දේවතාවිය -

කෙල්ල නෙමෙයි මෝඩයෝ. කෙල්ල දැන් මෙතන ඉන්නවනේ. අජන්තා චිත්‍රය තිබුනු විදිහ.

 

මම -

මෙන්න මෙහෙම කරට අත දාතෙන.

 

ම‍ගේ දේවතාවිය -

එන්න අපි අර උස කණ්නාඩිය ඉස්සරහට යමු..........

හරි දැන් පෙන්වන්න............ඔයා තමයි චිත්‍රය. මම කොහොමද? හිටියෙ. මෙන්න මෙහෙම. හරිම ලස්සනයි අනේ.... අපි ඒවගේ චිත්‍ර ගොඩක් කරමු..... දැන්ම පටන් ගන්න................

අර සන්නස්ගලගේ කේස් එක පස්සෙ කතා කරමු.

 

මම-

මම නම් කවදාවත් හිතුවේ නෑ. ඒ හෑන්ඩ් බිල අපේ Life එකත් එක්ක මේතරම් සම්බන්ධයක් තියෙනවා කියලා.

 

ම‍ගේ දේවතාවිය -

තේරුම් ගන්න. අපි කරන කියන හුගාන් දෙවල් ඇතුලේ අවිඥානික සම්බන්ධයක් තියෙනවා.

Comments