Wasantha Namaskara's 1025th

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් විසිපස් වැනි (1025)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


ම‍ගේ දේවතාවිය -

ඔයා කවියක් ලිව්වා නේ ද?

 

මම -

කවියක් ද කියලනම් දන්නෙ නෑ. මම ඔහේ ලිව්වා. 

මගේ සරසවි කුරුටු ගී පොත.

 

ම‍ගේ දේවතාවිය -

ඔයා Painting එකකට ස්කෙච් එකක් නේද හදන්නෙ.

 

මම -

ඔව්. මම දන්න මහාචාර්ය වරයෙක් මැරිලා. මට ඒක අහපු ගමන් මේ ස්කෙච් එක කරන්න හිතුනා. මම මෙහෙම ලිව්වේ ඒකෙ මැප්එක හදා ගන්න ලේසි නිසා.

 

ම‍ගේ දේවතාවිය -

මම දන්නවා. ඔයාට නිකම්ම එහෙම හිතෙන්නෙ නෑ. අනේ මට ඒක හින්දියෙන් කියලා දෙන්නකෝ. පේලිවල තියෙන සෙන්ස් එක ගත්තහම ඇති.

 

මම -

මේ තියෙන්නෙ කවිය.

 

මහන වී

සිව්රු හැර

මහාචාර්ය වී

මිය යාම.

 

ඉන්නකෝ මම දන්න විදිහට ඒක හින්දියෙන් කියලා දෙන්නම්.

 

-        මහන වී -

(පූජකයෙක් බවට පත්වී)

पुजारी बन गया।

-        සිවුරු හැර -

(පූජක බවින් ඉවත්වී)

पुजारी से इस्तीफा दे दिया।

-        මහාචාර්ය වී -

(මහාචාර්ය බවට පත්වී)

प्रोफेसर बन गए।

-        මිය යාම -

(මරණයට පත්විය)

मर गए।

..............................................................................

 

ම‍ගේ දේවතාවිය -

මේ ඉන්නෙ ඒ මහාවාර්ය වරයා ද?

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

ඔයාට කැම්පස් එකේදි උගන්නලා තියෙනව ද?

 

මම -

නෑ. එයා සිංහල ඉගැන්නුවේ. මම ඉගෙන ගත්තෙ සමාජ විද්‍යාවනේ. හැබැයි මෙයාගේ නෝනා නම් දවසක් මට ඉගැන්නුවා.

 

ම‍ගේ දේවතාවිය -

එයාගේ නෝනා සමාජ විද්‍යාවද ඉගැන්නුවේ.

 

මම-

නෑ. එයාගේ නෝනා ඉගැන්නුවේ ඉංග්‍රීසි. මට කැම්පස් එකට යනකොට ඉංග්‍රීසි බෑ. ඒ නිසා ඉංග්‍රීසි ටිකක් සල්ලි දීලාහරි ඉගෙනගන්න තැනක් හොයනකොට ඔය මැරිලා ඉන්න මහාචාර්ය වරයාගේ නෝනා ඉංග්‍රීසි පංතියක් එයාලගේ  ගෙදරම දාල තිබුනා. ඉතින් මම ඒකට ගියා.

 

ම‍ගේ දේවතාවිය -

ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගත්ත ද?

 

මම-

විනාඩි දහයක් විතර යනකොට මට නින්ද ගියා.

ඇයි හිනාවෙන්නෙ.

 

මම-

ඔය නැතිවෙලා ඉන්න මහාචාර්ය වරයට ලස්සන දුවෙක්වත් හිටියේ නැද්ද? අඩුගානෙ ඔයාට ඇහැරිලාවත් ඉන්න තිබුනනෙ.

 

මම -

හිටියද දන්නෙ නෑ. මට නින්ද ගියානෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඇයි ඔයාලට සමාජ විද්‍යා අධ්‍යයනාංශයෙන් ඉංග්‍රීසි උගන්වන්නෙ නැද්ද? ඉන්දියාවෙනම් ගොඩක් අයට ඉංග්‍රීසි පුලුවන්. දැක්කනෙ අර ළමයි. භාෂා නවයකින් සල්ලි ඉල්ලනවා.

 

මම -

මගෙනුත් සිංහලෙන් ඉල්ලුවනෙ...................................

ඔයාට දැන් තේරෙනවනේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලෙ සමාජ මානව විද්‍යා අධ්‍යයනාංශයේ තත්වය. හුගාක් ගුරුවරු බොරු කරන්නෙ. මාසේ පඩිය ගන්න මොනවා හරි දොඩවනවා. ඔයාට ඒ අයගේ උපාධි නිබන්ධන දැක්කොත් හිනායයි. මේ මහාචාර්යවරුද කියලා.

 

ම‍ගේ දේවතාවිය -

මට හිතාගන්න පුලුවන් කොහොම හරි ගේමක් දීලා රිංගුව නේද කාටවත් යන්න බැරි තැන්වලට. ඉන්දියාවෙත් ඔයිට අන්තයි. කුලියට මහාචාර්ය වරුන්ගේ නිබන්ධන ලියන අය ඕනතරම් මෙහේ ඉන්නවා. මම හිතන්නෙ ලංකාවෙත් ඔය කියන විදිහට එහෙම අය ඇති.

පුතා ඔයාට දැන් කරන්න ලොකු වැඩක් තියෙනවා. ඔය Painting එක කවියකින් නවත්වන්න එපා. කාලයත් එක්ක අද වෙනකල් සැලසුම් කරන්න.

 

මම -

මොකක් ද අර ලොකු වැඩක් කිව්වෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඉන්නකෝ මම හෙමින් කියලා දෙන්නම්. ඔයා ඔය වැඩේ දිගටම කරන්නකෝ. 

Comments