Wasantha Namaskara's 1033rd

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් තිස්තුන් වැනි (1033)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


ම‍ගේ දේවතාවිය -

මේ හලෝ Artist.....


මම -

?


ම‍ගේ දේවතාවිය -

මොකුත් නැති චිත්‍ර අදින නිසා දැන් කතා කරනදේ ඇහෙන්නෙත් නෑ නේ ද?

පුතා ඔයා දැන් මම අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනෙ.


මම - 

අහන්නකෝ බලන්න.


ම‍ගේ දේවතාවිය -

මොතුක්ම නැති චිත්‍රවල මිල කීයද?


මම -

එහෙම කියන්න බෑ. මිලක් තියෙන්නත් පුලුවන්. මිලක් නැති වෙන්නත් පුලුවන්.


ම‍ගේ දේවතාවිය -

හරි, මිලක් තියෙනව නම් කීය ද?


මම -

සීමාවක් නෑ. ඕනතරම්.


ම‍ගේ දේවතාවිය -

ඔයා ඒක නිසා නේද ඒ චිත්‍රම ගොඩක් අදින්නෙ.


මම -

නෑ. ඒ චිත්‍රවල ගොඩක් දේවල් තියෙන නිසා.


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි. Logic එක අල්ල ගත්තා නේද?

කියන්න බලන්න Logic එක මොකක්ද කියලා.


මම -

ඒවා කියන දේවල් නෙමෙයි. දැනෙන දේවල්.


ම‍ගේ දේවතාවිය -

නියමයි. හරියටම හරි. මගේ සුපිරි Artist.

අපි ඉන්දියාවේ බුදු හාමුදුරුවෝ හිටපු තැන්වල ඇවිද ඇවිද ඉදිමු. මම ඉන්දියාවේ හිටියට ඒ හැම තැනකම ගිහින් නෑ.


මම -

මමත් හිතුවෙ එහෙම තමයි. ඉන්නකෝ රට පොඩ්ඩක් හරියනකල්.


ම‍ගේ දේවතාවිය -

රටවල් ඔහොම තමයි අනේ. අපි අපේ වැඩක් බලා ගම්මු.

 

 

Comments