Wasantha Namaskara's 1036th

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් තිස්හය වැනි (1036)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දුර්ගා හෙවත්

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


 

දුර්ගා-

ලංකාවේ ගුරුවරුන්ගේ මොකක්හරි ප්‍රශ්නයක්ද?  මම දැක්කා ඔයාගේ painting සටහන් වගයක්.


මම -

ඔව්. සල්ලි මදි කියලා ස්ට්‍රයික් කරනවා. අත ඇරල දාමු. ඔය කව්රුවත් ගුරුවරු නෙමෙයි. මම නම් පොඩි කාලෙදිම දැන ගත්තා ඔය කව්රුවත් ගුරුවරු නෙමෙයි කියලා. මම තවමත් ගුරුවරයෙක් නම් දැකලා නෑ.


දුර්ගා -

එහෙම නෙමෙයි අනේ. එන්න අපි අර ගහ යටට ගිහින් කතා කරමු. .........................................මෙතන ඉදන් බරණැසට යන්න ඕන තරම් වාහන තියෙනවා. අපි රෑ වෙලා යමු.


 දුර්ගා _

ඔයා හොඳ කතාවක් කිව්වා.


මම -

මම තවම ගුරුවරයෙක් දැකල නෑ කිව්ව එකද?  


දුර්ගා _

ඔව්. ඒක තමයි. ඔයා ගුරුවරයෙක් දැකලා නැති නිසා පොඩි කාලෙදිම චිත්‍ර අදින්න පටන් ගත්තා. ඊට පස්සෙ චිත්‍රය ඔයාගේ ගුරුවරයා වුනා.................................


මම -

ඔව්. එහෙම තමයි වුනේ............................


දුර්ගා _

හැබැයි ඔයාට චිත්‍රයට කලින් තවත් ගුරුවරයෙක් ඉන්නම ඕනෙ. මම කියන්නෙ මිනිස්සු ගැන නෙමෙයි. හොදට මතක් කරන්න.


මම -

ඔව්. මම දැක්කා උදේ පාන්දර තණ කොල උඩට පිනි වැටිලා තියෙන විදිහ.


දුර්ගා _

හරි. දිගටම කියන්න.


මම -

තණ කොල අගට පිනි බිංදු එකතු වෙලා තියෙනවා. හෙමින් ඒවට ඉර එළිය වැටෙනකොට ඒවා දිලිසෙන්න ගන්නවා.


දුර්ගා _

හරි. ඔය හොදටෝම ඇති. ඒ ගුරුවරයා ගැන ඔයිට වඩා කිසිම දෙයක් කියන්න ඕනෙ නෑ.....................................

දැන් ඔයා ඒ ගුරුවරු ගැන Painting කරන්න ඕනෙ.


මම -

ඒ ගුරුවරයා ගැන මොකටද Painting කරන්නෙ. ඒවා දැනෙන දේවල්නෙ.


දුර්ගා _

නෑ අනේ. මම කියන්නේ ඒ ගුරුවරයා ගැන නෙමෙයි.


මම -

අර පඩිමදි කියලා කෑගහන ලංකාවේ පොල් බූරුවෝ ගැනද?


දුර්ගා _

ඒ කව්ද අනේ පොල් බූරුවෝ කියන්නෙ. මට හින්දියෙන් කියල දෙන්න.


මම-

बहुत बेवकूफ लोग  Very stupid people

මම හිතන්නෙ එයිට වඩ කපටි ආත්මාර්ථකාමී මිනිස්සු කියන වචයය ගැලපෙනවා. Cunning selfish people  चालाक स्वार्थी लोग


දුර්ගා _

අන්න හරි ඒ අය ගැන තමයි. ඔයාට ඒවා ගැන දැන් අමුතුවෙන් හොයන්න ඕනෙ නෑ.තොරතුරු ඕනවටත් වඩා තියෙනවා.


මම -

මම ඒවා ඇඳල ඉවරයි. Painting පෙන්වන්නේ නැතුව හිටියේ. සයිකො කේස්වලට Art පෙන්වන්න එපා කියලා ඔයා‍නෙ කියලා දුන්නෙ.


දුර්ගා _

කව්ද අනේ පෙන්වන්න කිව්වෙ. ඒවා අපි බලමු....................

හැබැයි ඒවා ඕන කරන අයට බලන්න ක්‍රමයක් හදන්නත් ඕනෙ.

Comments