Wasantha Namaskara's 1041st

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

 


වසන්ත නමස්කාර ගේ එක්දාස් හතලිස් එක් වැනි (1041)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।

 

ම‍ගේ දේවතාවිය -

මේ බලන්න. ඔයාගෙන් ගොඩක් අය අහනවා ලෝකෙ ඉන්නෙ එක කෙල්ල ද?  කියලා.


මම -

ඔයා ගැන ඔය අහන්නෙ. ඒ අය අහනවා මට ගෑණියෙක් විදිහට ඔයාවම විතරම ද? පේන්නෙ කියලා.


ම‍ගේ දේවතාවිය -

ඉතින් ඔයා මොකක්ද? ඒ අයට කිව්වෙ.


මම -

මම කිව්වා ඔව් කියලා.


ම‍ගේ දේවතාවිය -

හැබැයි ඒ අය අහන්නෙ ගෝලයක් වගේ තියෙන ලෝකෙ ගැන. ඒත් ඔයා උත්තර දීල තියෙන්නෙ ඔයාගෙ ඇතුල් පැත්තේ ලෝකෙන්.


ම‍ගේ දේවතාවිය -

ඔයාට තේරුනාද? ඒ අය අවිඥානිකව අහන්නේ ඒ අයගේ Sex ගැන ප්‍රශ්නයක්.


මම -

ඔව් මට තේරුනා.


ම‍ගේ දේවතාවිය -

තේරුනානම් කියන්න බලන්න.


ම‍ගේ දේවතාවිය -

ඒ අය Sexsuwaly තෘප්තිමත් නෑ. ඒ නිසා ඒ අයට ගෑණු ගොඩක් පේනවා. ගෑණු අයට පිරිමි ගොඩක් පේනවා.


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි. ඒ විතරක්ම නෙමෙයි. ඒ අය ලග ලිංගික ඊර්ෂ්‍යාවකුත් තියෙනවා. ඒවා වෙන වෙන අරගල වලටත් පෙරලෙනවා. ගොඩක් වෙලාවට අනෙත් කෙනාගේ දියුණුව, සතුට නැති කරනව වගේ අරගල. පොඩ්ඩක් හොයලා  බලන්න ඒ අයගේ සමාජ චර්යාවන්ගැන.


මම -

ඔයා කියනදේ හරි. මම දනනවා ඒ අයගේ සමාජ චර්යාවන් ගැන. තොරතුරු තියෙනවා. සාධාරන වගේ පෙනුනට අමානුෂිකයි..........................................................


ම‍ගේ දේවතාවිය -

දැන් කියන්න බලන්න එකිනෙකාගේ විමුක්තිය තියෙන්නෙ කොහෙද කියලා.


මම -

එකිනෙකා ලග.


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.

Aalvation is with you.  

Comments