Wasantha Namaskara's 1043rd

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.


වසන්ත නමස්කාර ගේ එක්දාස් හතලිස් තුන්වැනි (1043)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।

ම‍ගේ දේවතාවිය -

මොකක්ද? පුතා ඔයාගේ Painting වල මොනර දඩයමක් ගැන කියන්නෙ. මට හින්දියෙන් කියන්න.


මම -

ලංකාවේ සල්ලිවලට සමහර වෙලාවට මොනරු කියලා කියනවා.


ම‍ගේ දේවතාවිය -

Subculture වචනයක් ද?


මම -

පොදුවේ තියෙන වචනයක්. සමහර වෙලාවට එහෙමත් වෙනවා. ලංකාවේ රුපියල් දාහෙ කොලේ මොනරෙක් ඉන්නවා. කාලෙකට ඉසසර රුපියල් දාහ තමයි ලංකාවේ ලොකුම සල්ලි කොලෙය වෙලා තිබුනෙ. මොනර දඩයම කියන වචනය නම් මම Painting එකට හදාගත්ත වචනයක්.

 

ම‍ගේ දේවතාවිය -

පෙරේත කමින් සල්ලි හොයන අයට නේද ? ඔයා මොනර දයක්කාරයෝ කියන්නෙ.


මම -

ඔව්.


ම‍ගේ දේවතාවිය -

එතකොට මේ දෙවියන්ගේ මොනර දඩයම කියන්නෙ මොකක්ද?


මම -

ලංකාවේ ගුරුවරුන්ට, දොස්තරලට වගේ අයට පොදු සංකෘතියේ දී සමහර වෙලාවට දෙවියන් කියලා කියනවා.


ම‍ගේ දේවතාවිය -

මට දැන් හොදටම තේරුම් ගන්න පුලුවන්. හැබැයි මේ Art cansept එකනම් සුපර්. එතකොට මෙතන සිංහයෙකුත් ඉන්නවනෙ ඒ මොකක්ද? මෙන්න ගෑනු නෙනෙක් සිංහයත් එක්ක Sex කරනවා. මෙන්න හංසයෝ. කජුරාවෝ Art වල සම්බන්ධයක් තියෙනව ද?


මම -

ඔය ලංකාවේ ඉතිහාසයට සම්බන්ධ දෙයක්.


ම‍ගේ දේවතාවිය -

අනේ මට ඒ කතාව හින්දියෙන් කියලා දෙන්න.


මම -

.............................................................................

..................................................................................


ම‍ගේ දේවතාවිය -

නියමයි පුතා. දෙවියන්ගේ මොනර දධයම.

Comments