Wasantha Namaskara's 126th

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් විසිහය වැනි (1026)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


 

මම -

ලංකාවෙ හරියට තාත්තලා දුවලා අතරේ Sex ප්‍රශ්න. පොඩි ගෑනු ළමයි Sex වලට පාවිච්චි වෙනවා. අදත් නියුස් එකක්.

 

ම‍ගේ දේවතාවිය -

මොකද චිත්‍රය එතනින් එහාට ගොඩනගන්න හේතු නෑ නේ ද? ඉන්දියාවෙත් ඔය ප්‍රශ්න ඔය විදිහමයි. අනෙක් රටවලත් එහෙම තමයි. අම්මලා පුතාල අතරෙත් තියෙන්න පුලුවන්.

 

මම -

ඔව්. මොන විදිහට ගොඩනැගුවත් ආයෙත් එතෙන්ටම කඩාගෙන වැටෙනවා. කොතන ස්ථාන ගතකරන්න හැදුවත් එතනම නවතිනවා.

ඇයි ඔයා හිනාවෙන්නෙ.........................

 

ම‍ගේ දේවතාවිය -

ගානට බිව්වොත් බෙහෙතක්. වැඩිපුර බිව්වෙත් ලෙඩක්. මොනවද කියන්න බලන්න.

 

මම -

ගංජා.

 

ම‍ගේ දේවතාවිය -

‍හරියටම හරි. මේ බලන්න මම ගංජා පයිප්පයක් හොයා ගත්තා. අපි යමු පහලට.

 

මම -

ගංජා බොන්න ද?

 

ම‍ගේ දේවතාවිය -

ඔව්................

ඒයි මොඩයා ඔය කොහෙද යන්නෙ.

 

මම -

අර පැත්තෙනෙ තියෙන්නෙ...............

 

ම‍ගේ දේවතාවිය -

පිස්සෝ මම පහලට යමු කිව්වේ රෑට මිනී පුච්චනව බලන්න. එවා බොන්න කාමරේදි පුලුවන්නෙ.

 

මම -

ගහට්  ඈතටනම් දිව්‍ය ලෝකයක් වගේ.

 

ම‍ගේ දේවතාවිය -

ඒ උනාට පිච්චෙන්නෙ මිනී.

 

මම -

කෝ අර ගංජා පයිප්පෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඒක තියෙනවා.


මම -

සාක්කුවෙ ද?

 

ම‍ගේ දේවතාවිය -

නෑ. ජංගිය ඇතුලෙ. මම දැන් පිරිමියෙක්නෙ. සීතලයි අනේ. අපි යමු අන්න අතන මිනී පිච්චෙන තැනට. එන්න මේ ගග අයින දිගේ යමු...............

මේ අර බලන්න. අර ගගේ කලුවර තැන.

 

මම -

මොකක් ද? ඒ කරන්නෙ චාරිත්‍රයක් ද?

 

ම‍ගේ දේවතාවිය -

නෑ මෝඩයෝ අලුත ගෙනාපු ගෑනු කෙනෙක්ගේ මිනියක්. දැක්කද ඔයා ඒ අය මිනියේ අතගාන තැන.

 

මම -

ඔයා මෙතන ඉන්න. මම ටිකක් ලගට ගිහින් බලලා එන්නම්.


ම‍ගේ දේවතාවිය -

අපි දෙන්නම යමු. මම ඇදල ඉන්න විදිහට මාව පේන්නෙත් පිරිමියෙක් වගේ. ගංජා පයිප්පෙත් ජංගිය ඇතුලෙනෙ. අදුරන්නම බෑ කාටවත්ම.

 

මම -

මට දැන් තේරෙනවා අම්මා ගංජා පයිප්පෙ ගත්ත මොකටද කියලා.

 

ම‍ගේ දේවතාවිය -

අනේ පලයන් මෝඩයෝ.

 

මම -

මේ අර බලන්න. තවත් ඒ විදිහෙම වැඩක්. හිතින් මවා ගෙනත් මිනිස්සු  Sex කරන එකේ මේවා මොනවද ?

 

ම‍ගේ දේවතාවිය -

ඔයාට මතකද භගවාන් ගේ ත්‍රිපිටකයේ ඔය වගේ තැන් කීපයක් තියෙනවා.

 

මම -

ඔයා භගවාන් කිව්වේ බුදු හාමුදුරුවන්ට ද?

 

ම‍ගේ දේවතාවිය -

ඔව්. අනේ මම හින්දියෙන් එහෙම තමයි මතක තියාගෙන ඉන්නෙ. අපි ටිකක් රෑවෙනකල් මෙතන ඉදිමු........................

මොකද කල්පනාව.......................

 

මම -

මට දැන් තේරුම් ගන්න පුලුවන් අර චිත්‍රය එක තැනක නවතින්නෙ ඇයි කියලා.

 

ම‍ගේ දේවතාවිය -

මටත් ඕන කලේ ඔයාට ඒක හේතු ඇතිව තේරුම් කරලා දෙන්න. හැබැයි දැන්නම් ටිකක් කලින් ගියත් කමක් නෑ වගේ.

 

Comments