Wasantha Namaskara's One Thousand and Seventh  (1007th)

Psychological visual arts exhibition.

Spiritual Conversation of the Visual Arts

with My Goddess.

වසන්ත නමස්කාර ගේ එක්දාස් හත් වැනි (1007) 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

 दृश्य कलाओं की आध्यात्मिक बातचीत मेरी देवी के साथ।



ම‍ගේ දේවතාවිය -

මේ කොහෙ ද?

 

මම -

මේ තමයි ඝෝෂිතාරාමය.

 

ම‍ගේ දේවතාවිය -

ලංකාවෙ ද?

 

මම-

අපොයි නෑ. ඉන්දියාවෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඔයා එහේ ගිහින් තියෙනව ද?

 

මම -

ඔව්. මම ගිහින් තියෙනවා.

 

ම‍ගේ දේවතාවිය -

ඉතින් මම දන්නෙ නෑනෙ.

 

මම -

ඇයි මම කිව්වෙ පොඩි වැඩ වගේකට යනව කියලා.

 

ම‍ගේ දේවතාවිය -

මෙහේ ඉදන් ගොඩක් දුරද?

 

මම -

අලහබාද්වල ඉදලා ටික දුරක් ගම ඇතුලට යන්න ඕනෙ.

 

ම‍ගේ දේවතාවිය -

කව්ද එහේ ඉන්නෙ.

 

මම -

එතන ලංකාවෙ පන්සලක් තියෙනවා. හාමුදුරු කෙනෙක් ඉන්නවා. ලංකාවේ වන්දනා නඩ නවතිනවා.

 

ම‍ගේ දේවතාවිය -

මම ඉන්දියාවේ ඉදලත් එතන දන්නෙ නෑනෙ.

 

මම -

එතන බුද්ධ චරිතයේ ප්‍රසිද්ධ තැනක්. බුදුහාමුදුරුවෝ වැඩඉන්න කාලෙ හාමුදුරුවරු වගයන් එතනදී රංඩුවක් ඇතිකර ගත්තා. බුදු හාමුදුරුවෝ කිවන දේ ඇහුවෙත් නෑ. පස්සේ බුදුහාමුදුරුවෝ තනියම කැලේට වැඩියා.

 

ම‍ගේ දේවතාවිය -

ඔයා අර යාලුවන්ගේ සිද්ධිය නිසා නේද මේ පොටෝ එක බැලුවේ.

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

ඒකනේ මම ඔයාට කිව්වෙ Life එක ගැන දන්නෙ නැති අයත් එක්ක Art ගැන කතා කරන්න එපා කියලා.

 

මම -

ඔයා හරි. මම ආයෙ එහෙම කරන්නෙ නෑ. යාලුවෝ නිසා පොඩි උත්සාහයක් ගත්තෙ. වැඩක්නෑ.

 

ම‍ගේ දේවතාවිය -

අනේ අපි යමුකො එතනට. මටත් මතකයි බුද්ධ චරිතයේ එක තැනක... වස්කාලෙක නේද ඔය සිද්ධිය වුනේ.

 

මම -

ඔව්. සමාවතී බිසව, උදේනි රජතුමා එහෙමත් හිටියෙ මෙහේ.

 

ම‍ගේ දේවතාවිය -

හරි. මට මතකයි. අනේ අපි යමු.


මම -

එතන පන්සලක්නෙ. අපි දෙන්නට නවතින්න බෑ. ඒක එච්චර හොද මදි.

 

ම‍ගේ දේවතාවිය -

ඉතින් අපි‍ දෙන්නා හොටලයක ඉම්මු.

 

මම -

එහේ හොටල් නෑ ගමක්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

එහෙනම් අපි අලහබාද්වල නැවතිලා වාහනයක් අරගෙන  උදන්ම ගිහින් රෑවෙලා එමු.

 

මම -

ඔව් එහෙම කරමු.

 

ම‍ගේ දේවතාවිය -

මෙතෙන්ට අපි යන්නම ඕනෙ. ඇයි දන්නවද Art දන්නෙ නැති මිනිස්සු හැසිරෙන විදිහ හරිම අප්‍රසන්නයි. ඔයාට ඒක ගැන හොද අත්දැකීම් තියෙනවනෙ.

 

මම -

ඇත්ත.

 

ම‍ගේ දේවතාවිය -

අපි බලන්න ඕනෙ ඒ වගේ තැන්වල දී බුදු හාමුදුරුවෝ මොනවගේ තීරනද ගත්තෙ කියලා.

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

ඔයා අද කට්ටියට දීපු උත්තරය හරියටම හරි.

 

මම -

Tank U කියපු එක ද?

 

ම‍ගේ දේවතාවිය -

ඔව්.

 

මම -

වෙන මොනවා කරන්න ද?

 

ම‍ගේ දේවතාවිය -

අනේ අපි යමු. අපි ගමේ ගෙදරක් හොයාගෙන එහේ ටික දවසක් ඉම්මු. මම ඉන්න නිසා ඔයත් දැන් ඉන්දියාවෙම තමයි.

 

මම -

ඔව් අපි එහෙම කරමු.

 

ම‍ගේ දේවතාවිය -

මෙතන තව පොටෝ නැද්ද?

 

මම -

ඇති. ඉන්න බලන්න.


Comments