වසන්ත නමස්කාර ගේ එක්දාස් පනස් හතර වැනි (1054)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।

 


ම‍ගේ දේවතාවිය -

මොකක් ද? ප්‍රදර්ශනයේ නම.


මම -

මල ගෙදර කතාව.


ම‍ගේ දේවතාවිය -

කියන්න මම අහගෙන ඉන්නෙ.


මම -

එක්තරා දිනෙක මම පුවත්පතක දැන්වීමක් දුටුවෙමි. ඔහුගේ නිවසේ සිතුවම් ප්‍රදර්ශනයක් තිබෙන බව එහි සටහන්ව තිබුනි.

පසු දිනෙම මම පත්තර කෑල්ලත් ගෙන පාර හොයාගෙන ඔහුගේ නිවසට ගියෙමි. කලාගාරයට ඇතුලුවන තැනම දොරේ බෝඩ් කෑල්ලක් අලවා තිබුනි. එහි මෙසේ ලියා තිබුනි. සිතුවම් නොමිලයේ දෙනු නොලැබේ.

මේ දැන්වීම දුටු වහාම මට පොඩි තිගැස්මක් ඇති වුනා. ඒ ඔහු ගෙන් සිතුවමු ඉල්ලීමට සිතාගෙන සිටි නිසා නොව, මහා සිත්තරෙකුගේ ප්‍රකාශය දැකීමෙනි. ඒවනවිට මම සිතුවම් ප්‍රදර්ශන සියයත් පසුකර තිබුනි. එහෙත් මා විසින් කිසිම දිනෙක  මගේ කිසිම සිතුවම් ප්‍රදර්ශනයක් නැරඹීමට කිසිවෙකුගෙන් කිසිම මුදලක් අයකර නැත.

මගේ  සිතුවම් ප්‍රදර්ශනවල බොහෝ සිතුවම් නොමිලයේ මිතුරන්ට පරිත්‍යාග කලා. මගේ සිතුවම් ප්‍රදර්ශ නවයක් යනතුරුම මගේ කිසිම සිතුවමක් විකුනුනේ නැත. විකුනූ එකද රුපියල් දහසකටය. හහෙත් ඒ සිතුවම බොහෝ වටිනා බව අද මම දනිමි. වෙනත් කොහේ හෝ වැඩකර මුදල් හොයා සිතුවම් පුදර්ශන පවත්වන අතරම, මම ඔහුගේ සිතුවම් ප්‍රදර්ශන නැරඹීමටද යමි. කොළඹ ලයනල් වෙන්ඩ් කලාගාරයේ දී මම ඔහු ගේ සිතුවම් ප්‍රදර්ශන කීපයක්ම නැරඹුවෙමි. ඔහු සිතුවම් අලෙවි කරනවා මම දුටුවෙමි. ඔහු ගැන මෙවන් සිතිවිලි ගංගාවක් මගේ සිතේ ගලන අතර මම ඔහුගේ කලාගාරයට ගොඩවුනි.

සර් ගේ චචිත්‍ර ප්‍රදර්ශනයක් තියෙනවා කියලා පත්තරේ තිබුනා. කියමින් මම පත්තර කෑල්ල ඔහුට පෙන්නුවෙමි. පත්තර කෑල්ල මගේ ලග නොතිබුනා නම් ඔහු කුමන ප්‍රතිචාරයක් දක්වන්නේ දැයි සිතා ගැනීමට අපහසුය. මොකද සිතුවම් මිලදී ගැනීමේ අදහසක් මා තුල නොති‍බූ නිසාවෙනි.

සිතුවම් ගැන කලාව ගැන ටිකක් කතා කරමින් සිටින අතරතුර මම අර බෝඩ් ලෑල්ල ගැන මම  ඇසුවෙමි.

ඇයි සර් මේ විදිහට බෝඩ් එකක් ගහල.

ඔහු මට මෙසේ උත්තර දුන්නේය.

ඔය එක එකා ඇවිත් මගෙන් චිත්‍ර නිකම් ගෙනියන්න හදනවා.

මේ බලන්න මේ වගේ චිත්‍රයක් පිටරට ගෙනිච්චහම මට මෙහේ මුදලින් රුපියල් විසිදාහකට විතර විකුණගන්න පුලුවන්. කියමින් ඔහු මට කුඩා සිතුවම් තොගයක් පෙන්නුවේය.

ඒ ප්‍රමානයේ සිතුවම් මම විකුණන්නේ රුපියල් විස්සකටය. එයින් කොළඹ මහජන පුස්ථ කාලයේ ප්‍රදර්ශන ශාලාවේ ගාස්තුව පියවිය හැකි නිසාවෙනි.

සර් මේවා නේද පත්තරේට අදින්නෙ.

ඔව්.

සර්ට පිටරට ගැලරියක් තියෙනව ද? නෑ ඔය ලංකාවේ පන්සල් වල  හාමුදුරුවරු යාලු කරගෙන ප්‍රදර්ශන තියෙනවා.

සර් මමත් පන්සල්වල චිත්‍ර අදිනවා. මම කීවෙමි.

පන්සලක් හොයා ගම්මුකො අදින්න. මම සකෙච් කරල දෙන්නම්.

සර් වර්ග අඩියක් කීයටද කරන්නෙ.

අඩුම ගානේ රුපියල් තුන්දාස් පන්සීයක්වත් ගන්න ඕනෙ.

 

ඉන් අනතුරුව අප ඉන්දියාවේ සිතුවම් ගැන කතාබහට වැටුනි.

සර් ඉන්දියාවේ ගිහින් තියෙනව ද?

නෑ මම ගිහින් නෑ

ඒ වනවිට මා ඉන්දියාවේ බොහෝ තැන් නරඹා තිබුනි. ඉන්පසුව ඔහු වෙනම ගෞරවයකින් මා සමග කතා කරන බවක් දැනුනි.

පසුව ඔහු මා සමග ඉන්දියාවේ ගමන් කිරීමට කැමත්තෙන් පසුවිය. එහෙත් ඔහුට මා ඉන්දියාවේ ගමන් කරන ආකාරයට ගමන් කල නොහැකි බව මා දනිමි. කෙසේ හෝ, සිතුවම් නොමිලයේ දෙනු නොලැබේ, යන නාම පුවරුව මගේ සිතේ රැව් දෙන්නට විය. එය නොමැකෙ සටහනක් සිතේ ලකුණු කලේය.

කලා ශූරී මහා චිත්‍ර ශිල්පියෙක්. සිතුවම් නොමිලයේ දෙනු නෙනාලැබේ. එතකොට මම වෙනත් තැන්වල වැඩ කරල බෝඩින්ගාස්තුත් ගෙවල නොමිලයේ චිත්‍ර ප්‍රදර්ශන තියෙනවා.


ම‍ගේ දේවතාවිය -

පුතා පොඩ්ඩක් ඉන්න. ඔන්න ඔතන ඔයාගේ හැරවීමේ ලක්ෂයක්. ට්‍රැක් එක මාරු කරන්න.


මම -

මට ඒක ටයිප් කරන්න අමාරුයි. අදහස් හැලෙනවා.


ම‍ගේ දේවතාවිය -

ඇත්ත. මම දන්නවා. අතින් ලියන්න. පස්සෙ ටයිප් කරන්න.


මම -

අතින් ලියපුව ටයිප් කරන්න  මට කම්මැලියි.


ම‍ගේ දේවතාවිය -

මට තේරුම් ගන්න පුලුවන්. ඔයා ලියන ඒවා ස්කෑන් කරල දාන්න. එක තමයි ඔයාගේ Painting වෙන්නෙ. හැබැයි ඔයා සිංහලෙන් ලියන දේවල් මට හින්දියෙන් කියලා දෙන්න ඕනෙ.



 

Comments