වසන්ත නමස්කාර ගේ එක්දාස් පනස් හය වැනි (1056)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।




ම‍ගේ දේවතාවිය -

අන්න හොද ළමයා. Painting එක කරන ගමන් ලියන සටහනකුත් තියාගන්නවා.


මම -

හැම Painting එකකටම එහෙම කරන්න බෑ. නමුත් මේවගේ ඒවට පුලුවන්.


මගේ දේවතාවිය -

ඇත්ත. ඒක මම දන්නවා. මේ ලංකාවේ Yohani ගැන Painting එකක් නේ ද?


ම‍ගේ දේවතාවිය -

ඔයා කොහොම ද? Moods වලින් විතරක් එහෙම කිව්වෙ.


ම‍ගේ දේවතාවිය -

Moods වලින් නෙමෙයි අනේ. මේ ඔයා ලියලා තියෙන්නෙ. මොකක් ද? ඔයා Painting එක ඇතුලෙ විසදන්න හදන ප්‍රශ්නය.  Yohani ගේ ප්‍රඒනෙකුත් නෑ. එයා‍ගේ සිංදුවල ප්‍රශ්නෙතුත් නෑ. ඔයා එයාගේ වයසද හොන්නෙ.


මම -

එයා ඔයාට වඩා ගොඩක් බාලයි. මට Yohani ගේ  වයසින් වැඩක් නෑ. මම හොයන්නෙ වෙන දෙයක්.


ම‍ගේ දේවතාවිය -

නෑ අනේ එයා මට වඩා වැඩිමල්. මේ බලන්න. ඔයා හොන්නේ Yohani ගේ සිංදුව නිසා The resulting social process එක ගැන නේ ද?

 

මම -

ඔව් ඔයා හරි. ඒක ගැන තමයි හොයන්නේ. එයාගේ සිංදුවක් ඉන්දියාවේ ජනප්‍රිය උනාට පස්සේ තමයි ලංකාවේ විද්වතුන්  අය එයාට සුභ පතන්න පටන් ගත්තේ. මම එයාගේ වෙළද දැන්වීම්වලටත් ගොඩක් කැමතියි.


ම‍ගේ දේවතාවිය -

එහෙම තමයි අනේ මිනිස්සු. ගොඩක් අය ඉගෙන තත්තට ඒ අය දන්නෙ නෑ තමන් ඉගෙන ගන්නෙ මොනව ද? ඉගෙන ගන්නෙ මොකට ද? කියලා. ඉන්දියාවෙත් ඔහොම තමයි.


මම -

නොදන්නා කමට වඩා මෙතන වෙන දෙයක් තියෙනවා.


ම‍ගේ දේවතාවිය -

Jealousy, hypocrisy වගේ ඒවා නේද ඔයාට හම්බ වෙන්නෙ.


මම -

ඔයා හරි. ඔව් ‍ඒවා තමයි හම්බවෙන්නෙ. ඒ එක්කම ලංකාවේ උගතුන් ගේ වෙනම රහසිගත සැලසුමකුත් මතු වෙනවා. උගන්වනවා වගේ පෙන්වලා දක්ෂ නිර්මාන කරුවන්නේ හැකියාව සියුම්ව විනාශ කරනවා. මේ බලන්න. ඒක ලංකාවේ දරුණු විදිහට තියෙනවා. මම හිතන්නෙ Yohani ඉන්දියාවේ ජනප්‍රිය උනාට පස්සෙ ලංකාවේ අය සුභ පතන්න ගත්තෙ ඒක නොකර ඉන්න බැරි කමට. අනෙක ඒකෙන් ඒ අයට වෙනම වාසියකුත් ලැබෙනවනෙ. තමන් විෂය දන්නේ නැති වුනත් දන්නවා වාගේ අනෙත් අයට පෙන්වන්න පුලුවන්නෙ. ඒ වුනාට යටින් වෙනම Jealousy, hypocrisy වගේ මනෝභාව වැඩ කරනවා.

මේ බලන්න මතුවෙන දේවල්. තව ගොඩක් අයට එහෙම කරලා තියෙනවා. හොයන්න හොයන්න මතුවෙන්නෙ ඒ වගෙම දේවල්නෙ. සමාජ මාධ්‍ය නිසා ඒ අය ලොක් වෙලා ඉන්නෙ. මෙන්න දැන් කියනවා සමාජ මාධ්‍ය වැඩක් නැතිලු. හොද දෙයක් හම්බ වෙන්නෙම නෑනෙ. මේ වැඩේ කරන්නෙ දැනුමෙන් වගේම සමාජ ක්‍රියාවලියෙන්  අසරණ වෙච්ච ගුරුවරු. මේ බලන්න ලංකාවේ ගුරුවරු ගොඩක් අය මානසික රෝගවලින් පෙලෙනවා.

ඇයි ඔයා හිනාවෙන්නෙ.


ම‍ගේ දේවතාවිය -

මිනිස්සු ඔහොම තමයි අනේ. ඉන්දියාවෙත් ඔහොම තමයි. Yohani ඕවා තේරුම් ගත්තොත් හොදයි. නැත්නම් කරන්න දෙයක් නෑ.


මම -

මේ බලන්න Painting එක ගිහින් Link වෙන තැන.


ම‍ගේ දේවතාවිය -

අපි නිතරම කතා කරන දෙය නේ ද?


මම -

ඕව්.


ම‍ගේ දේවතාවිය -

ඒක තමයි ඇත්ත. ඒ වුනාට ඒක ලියන්න එපා.


මම -

නෑ මම එහෙම කරනෙ නෑ. මට හිතෙන්නේ මේ Painting එක කවදා‍වත්ම ඉවර කරන බැරිවෙයි වගේ.


ම‍ගේ දේවතාවිය -

බැරිවෙයි වගේ නෙමෙයි ඉවර කරන්න බෑ.


මම -

ඔයා හරි. මිනිස්සු ඉන්නකල් මේ ප්‍රශ්නය මේ විදිහමයි.


ම‍ගේ දේවතාවිය -

ඔයා ඔය කියපු දේ හරි ද?


මම -

 ?

හරි මට තේරුනා. ප්‍රශ්නය නෙමෙයි.

ලෝකෙ හැටි මෙහෙම තමයි.


ම‍ගේ දේවතාවිය -

දැන් මොකක්ද කරන් ඕනෙ.


මම -

කව්රු කිව්වත් තමන්ට හිතෙන්නෙ නැතිව වෙනස් නොවී, තේරුම් අරගෙන ජීවත්වෙන් ඕනෙ.


ම‍ගේ දේවතාවිය -

කව්ද? එහෙම කරන්න ඕනෙ.


මම -

Yohani


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.


 

Comments