Wasantha Namaskara's 1052nd

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් පනස් දෙවැනි (1052)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।




ම‍ගේ දේවතාවිය -

මිනිස්සුන්ගේ Anatomy ගැන බරපතල අධ්‍යයනයක් වගේ.


මම -

ඕව්. මිනිස් සිරුරේ සියලුම කොටස් හොයල ඉවරයි. මෙතනින් එහාට හොයන්න දෙයක් නෑ. Drawing වලට උවමනා කරන සියලුම‍ දේ මෙතන තියෙනවා.


ම‍ගේ දේවතාවිය -

එහෙනම් මට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා.


මම -

අහන්න ඕනම ප්‍රශ්නයකට උත්තර මෙතන තියෙනවා.


ම‍ගේ දේවතාවිය -

ඔයාගේ Anatomy වලින් කියන්න බලන්න මිනිස්සුන්ගේ ඔලුවේ ඉදන් ලිංගය මුලට දුර කොච්චරද? කියලා. මම කිව්වේ ගෑණු, පිරිමි දෙගොල්ලන්ගෙම.


මම -

දුර මනින විදි ගොඩක් තියෙනවා. ඔලුව වගේ කීගුනයක් ද? කියලා ගන්න එක ලේසියි. තවත් සියුම් බෙදීම් ගොඩක් තියෙනවා. ඩාවින් හොයා ගත්තාත ඇගිලි දෙකක් වගේ 84ත් කියලා. තවත් ගොඩක් සියුම් බෙදීම් තියෙනවා.


ම‍ගේ දේවතාවිය -

එහෙනම් ඩාවින්ගේ ක්‍රමයට මගේ ඇනටොමි හොයන්න.


මම -

දෙන්න බලන්න ඔයාගේ ඇගිලි දෙකක්.


ම‍ගේ දේවතාවිය -

මගේ ඇගිලි නෙමෙයි ඔයාගේ ඇගිලි වලින් මනින්න.


මම -

එතකොට වරදිනවා.


ම‍ගේ දේවතාවිය -

කමක් නෑ ඔයා බලන්නකෝ.


මම -

...........................................................


ම‍ගේ දේවතාවිය -

ඔතන නෙමෙයි ලිංගයේ මුල තව ටිකක් පහල.

..........................................

කීයක් තියෙනව ද?


මම -

23 ක් විතර තියෙනවා.


ම‍ගේ දේවතාවිය -

වැරිදියි නේ. Wrong. गलत।


මම -

 ?


ම‍ගේ දේවතාවිය -

මොලේ ඉදන් ලිංගයේ මුලට දුරක් තිබුනොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. මම කියන දේ ඔයාට තේරුනාද?

 

මම -

?


ම‍ගේ දේවතාවිය -

හෙට දවල්ට දිල්ලිවලින් කජුරාවෝ යන්න කෝච්යක් තියෙනවා. අපි කජුරාවෝ ගිහින්, මන්දිර් ඇතුලතදීම මම ඔයාට කියලා දෙන්නම්.


මම -

මට තේරුනා ඔයා කියන දේ.

අපි හෙටත් කජුරාවෝ යමු.

 

ම‍ගේ දේවතාවිය -

නියමයි.

සුන්දරත්වයේ මොහොත.

 

 


 

Comments