Wasantha Namaskara's 1046th

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් හතලිස් හය වැනි (1046)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


ම‍ගේ දේවතාවිය -

මේ ලංකාවේ දෙවිවරුන්ගේ වැඩ වර්ජන ගැන Painting සටහන් නේ ද?


මම -

ඔව්.


ම‍ගේ දේවතාවිය -

රූප විතරද ? වචන නැද්ද? රෙකොඩින් තියෙනවා. වීඩියෝ තියෙනවා.

රූප විදිහට ගන්න ඒවා හොදයි. ඔයා ලංකාවෙදි මේ අය ලගින් ආස්‍රය කරලා තියෙනවද?


මම -

ගොඩක් අය ලගින් ආස්‍රය කරල නෑ. සමහර අය ලගින් ආස්‍රය කරලා තියෙනවා. නමුත් මේවට සම්බන්ධ වෙලා ඉන්න අය ගැන මම දන්නවා.


ම‍ගේ දේවතාවිය -

මේ බලන්න මූනුවල හැටි...................කිසිම සතුටක් නෑ. හරියට පාපයක් ගෙවනව වගේ. බලන්න මේ අය තෝරගන්න පාට. රතු, කහ, කලු. මේ Painting තවත් පැතිවලට සම්බන්ධ වෙනවනෙ. මේ මොනවා කියලද කෑගහන්නෙ.


ම‍ම -

ඔව්. වෛද්‍යවරු හෙද හෙදියෝ වගේ කවත් අයගේ වැඩ වර්ජන වලටත් පැතිරෙනවා. මේ කෑගහන්නෙ දියව් දියව් කියලා. ඒ කියන්නෙ මාසෙට ලැබෙන වැටුප වඅඩිකරන්න කියලා.


මගේ දේවතාවි - 

ඉතින් ලංකාවේ උගත් අය මේවා අහගෙන ඉන්නව ද? මම කියන්නෙ භගවාන් තුමාගේ දහම ඇතුලෙ ඉන්න අය. (ඉන්දීය සමාජය තුල ඇතැම් අවස්ථාවල දී බුදුන්වහන්සේ භගවාන් ලෙස හදුන්වයි.)


මම -

ඒ අය තමයි මේ කෑගහන්නෙ.


ම‍ගේ දේවතාවිය -

ඔයා මේවා වෙන වෙනම Drawing කරන්න වෙනවා. අර වෛද්‍යවරුන්ගේ පැත්කෙ එවායේ ව්‍යාජත්වය වැඩියි. මට මේ Sketches එක පොඩ්ඩක් කියල දෙන්නකෝ.


මම -

මේ Drawing එකේ තියෙන්නෙ පුංචි ළමයි මරාගෙන කන දෙවම් පියෝ. මෙතන තියෙන්නෙ තරමක ළොකු ළමයි මරානෙ කන ගුරුවරු.


ම‍ගේ දේවතාවිය -

මෙතන ඒ කටිටියම මස් හොද්දක්ද හදන්නෙ.


මම -

ඔව්. ලංකාවේ ගුරුවරුයි, දෙමව්පියොයි එකතුවෙලා ළමයිව මරල හොද්දක් වගේ උයල කනවා.


ම‍ගේ දේවතාවිය -

මෙන්න අම්මා කෙනෙක් කෙලින්ම යෝනිය හරහා තෙල් තාච්චියටම වදනවා. ඒක තවත් ඒවට සම්බන්ධයි නේ ද?


මම -

ඔව් ඒක තවත් ගොඩක් ඒවට සම්බන්ධයි.


ම‍ගේ දේවතාවිය -

ඇයි මෙතන ගනදෙවි රූප වගයක් තියෙන්නෙ. මෙන්න ළමයෙක් වගේ යෝනිය ඇතුලෙන්ම එනවා. මෙන්න සක්විත් රජ කෙනෙකුත් එනවා. එවා ඔක්කොම සිම්බල් නේද?


මම -

ඔව් ගන දෙවියෝ ලංකා සමාජයේ නුවණට අධිපත් කියලා කියනවා. ඒවගෙම ලංකාවේ දෙමව්පියෝ ළමයි හදන්නේ සක්විති රජ කෙනෙක් කරන්න.


ම‍ගේ දේවතාවිය -

බොරු දේව භත්තියක් එක්ක තියෙන ෆැන්ටසියක්, ව්‍යාජයක්  නේද?


මම -

ඔයාට එච්චර දේවල් තේරුනාද?


ම‍ගේ දේවතාවිය -

ඔව් මම දැක්කා ඔයා මේවා ගැන ලියල තිබුන කතන්දර. අනේ මට ඒවා හින්දියෙන් කියල දෙනව ද? අපි කතා කරනකොට තවක් කතන්දර මතුවෙන්න පුලුවන්.


මම -

එන්න මම කියල දෙන්නම්..................................


ම‍ගේ දේවතාවිය -

හැබැයි පුතා මෙහෙම දෙයක් තියෙනවා. මෙතෙන් දී අපිට කාටවත් දොස් කියන්න බෑ.


මම -

ඔයා කියනදේ ඇත්ත. අපිට කාටවත් දොස් කියන්නවත් කාගෙවත් පැත්තක් ගන්නවත් බෑ.


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.

Comments