වසන්ත නමස්කාර ගේ එක්දාස් පනස් හත් වැනි (1057)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


ම‍ගේ දේවතාවිය -

මේ Yohani ට තවම පෙම්වතෙක් නැතිලු.


මම -      

ඉතින් ඒකට මම මොනවා කරන්න ද?

...............................................................


ම‍ගේ දේවතාවිය -

අපි නිතරම කතා කරන කාරනේ නේද?

........................................................


මම -

ඔව්.


ම‍ගේ දේවතාවිය -

Yohani ගේ සිංදුවත් එක්ක ලංකාවේ රසවින්දනය place වන විදිහ ගැන තොරතුරු ගොඩක් හොයා ගත්තානේද ? 

https://youtu.be/7Wr0QwFGep


මම -

ඔව්. තවත් තොරතුරු ගොඩක් තියෙනවා.


ම‍ගේ දේවතාවිය -

ප්‍රදර්ශනයේ නම මොකක් ද ?


මම -

Human Voice.


ම‍ගේ දේවතාවිය -

මේ Painting ඔක්කොම Music ගැන නේ ද?

හරි. එහෙනම් කියන්න බලන්න Human Voice මිනිසුන්ගේ  කොතෙන්ටද සම්බන්ධ වෙන්නෙ කියලා.


මම -

Sex Life වලට.


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි. හැබැයි ඔතෙන්ට තවත් දෙයක් සම්බන්ධ වෙන්න ඕනේ.


මම -

බුදු හාමුදුරුවො ද?


ම‍ගේ දේවතාවිය -

ඔව්. හැබැයි ඒක කියන්න ඕනෙ Salvation කියලා.


මම -

ඔයා හරි. ඒ දෙකම එකට තියෙන්නෙ. වෙන්කරන් බෑ.


ම‍ගේ දේවතාවිය -

කියන්න බලන් වෙන් කරන්න කරන්න බැරිනම් මොකක් ද කරන්න පුලුවන් කියලා.


මම -

තේරුම් ගන්න විතරයි පුලුවන්.


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි. නියමයි.


මම -

එහෙම නොව්නොත් Mental illness වෙන්න පුලුවන්.


ම‍ගේ දේවතාවිය -

පුලුවන් නෙමෙයි Mental illness තමයි. මේ Painting ඒ වගේ ඒවා නේ ද? මේ අයගේ voice එක වැඩ කරලා තියෙන්නෙ Tool එකක් විදිහට විතරයි නේ ද?


මම -

ඔව්. ඔයා හරි.  Music කියන Tool එක Life එකත් එක්ක සම්බන්ධවෙලා අවබෝධයක් නොවුනොත් එතන සිද්ධවෙන්නෙ  සම්පූර්නම මනෝ ව්‍යාධියක්.


ම‍ගේ දේවතාවිය -

මේ Painting එකේ මැප් එක මට කියල දෙන්න.


මම -

මේ තියෙන්නෙ.


ම‍ගේ දේවතාවිය -

එහෙම නෙමෙයි ඔයා කියල දෙනවා අහන්න ආසයි.


මම -

මෙතන තියෙන්නෙ ලංකාවේ දැනටත් ඉන්න මහාචාර්ය වරයෙකුයි එයා ලියපු සිංදු කියපු ගායිකාවකුයි................


ම‍ගේ දේවතාවිය -

ඒ අයගේ නම් මෙතන ලියන්න එපා. තේරුමක් නෑ. අපි දෙන්නා විතරක් දැනගත්තහම හොදටම ඇති.


මම -

ඔව් අපි එහෙම කරමු. ඉතින් මේ දෙන්නගේ සින්දු ගායිකාවගේ හඩින්ම ‍පිරිමි ළමයෙක් කිව්වා. පස්සෙ මේ දෙන්නා එකතු වෙලා නඩු දැම්මා.


ම‍ගේ දේවතාවිය -

හැබැයි නීතිය තියෙන්නෙත් ආරක්ෂාවට නේ ද? හරි ඔයා ඒක Painting එකේ ඇදල තියෙනවා. කියන්න.


මම -

ඒත් ඊට පස්සේ රටේ නිර්මානාත්මක හැකියාව තියෙන අය යට ගියා. අලුත් Music සම්ප්‍රදායක් හැදෙන්න තිබ්බ අවස්ථාවක් යටගියා. ඒ වුනාට ඊටපස්සේ මේ අය සමාජ ප්‍රගමනය ගැන කතා කරනවා.


ම‍ගේ දේවතාවිය -

ඇත්ත. ඔයා හරි. ඒවුනාට අප තේරුම් ගන්න ඕනෙ මිනිස්සු එහෙම තමයි කියලා. මෙතන සම්පූර්නම සයිකෝ ගතියක් තියෙනවා. එතකොට මේ Painting එක.


මම -

මේ ඉන්නෙ ලංකාවේ ඉන්න හොද හඩක් තියෙන ගායිකාවක්. එයාට එක පාරටම ......................................මානසික පිඩනයක් ආවා. එයා සංගීතය අතහැරියා. දැන් සුදු ඇදගෙන භාවනා මධ්‍යස්ථානවල ඉන්නවා.


ම‍ගේ දේවතාවිය -

බෙහෙත් අරන් දෙන්න උත්සාහ කලේ නැද්ද?


මම -

නෑ. ඒවගේ දෙවල් කරන්න පුලුවන් ඒ අය මට පාලනය කරන්න පුලුවන්  මගේ සීමාවේ ඉන්නවනම් විතරයිනේ. ඒ අය ඉන්නේ මගේ පාලනයෙන් ගොඩාක් එහා. මම කියන්නෙ දුර ගැන නෙමෙයි.


ම‍ගේ දේවතාවිය -

ඇත්ත මට තේරුම් ගන්න පුලුවන්. ඔයා හිතන්නේ ලංකාවේ Yohani ට මොනවගේ දෙයක් වෙයි කියලද?


මම -

හිතන්න අමාරුයි. කාලය ගතවෙන්න ඕනෙ. මෙතන තේරුම් ගැනීමත් එක්කම තවත් දෙයක් තියෙනවා.


ම‍ගේ දේවතාවිය -

ඉන්න මම කියල දෙන්නම්. හිතට දැනෙන දේත් එක්ක අවංකව ජීවත්වීම වගේම අනෙත් අයත් එක්ක ගනුදෙනු කරන විදිහ. ඒ කියන්නෙ අනෙත් කෙනාව කියවා ගැනීමේ හැකියාව. සරලවම ගත්තොත් හොද සමාජ කියවීමක් ඕනෙ.


මම -

අපේ පාලනයෙන් එහා තියෙන අපි නොදන්නා තවත් දෙයකුත් මෙතන තියෙනවා. මම කිව්වේ ඒ දේ ගැන.


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි. අන්න ඒ දේ තමයි මෙතනදී ප්‍රධාන වෙන්නෙ.

අපි ඒදේ ගැන කතා නොකර දැනෙන්න ඉඩ හරිමු. ඔයාට තේරුනා නේද ? මම කියපු දේ.


මම -

ඔව්. මට තේරුනා.


ම‍ගේ දේවතාවිය -

තේරුනා නෙමෙයි අනේ දැනුනා කියන්න.


මම -

Yeas

Comments