වසන්ත නමස්කාර ගේ එක්දාස් පනස් අට වැනි (1058)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।

 

ම‍ගේ දේවතාවිය -

මේ Artist තේ එකක් බීල ඉන්න.

කව්ද ඔයාට මෙච්චර දිගට පැන්සල් උල් කරන්න කියලා දුන්නෙ.


මම -

කව්රුත් කියලා දුන්නෙ නෑ. දිගට උල් කලාම අදින්න ලේසියි. ඒ නිසා උල් කරනවා.


ම‍ගේ දේවතාවිය -

අන්න හරි හොද ළමයා. අත්දැකීම්වලින් ඉගෙන ගන්න.

කලු පාටයි සුදු පාටයි ගැන ඔයාට මොකද හිතෙන්නෙ.


මම -

ඔයා අහන්නෙ Life එකත් එක්ක සම්බන්ධ ‍වන විදිහ නේ ද?


ම‍ගේ දේවතාවිය -

අන්න හරි.


මම -

කලු සුදු කියන්නෙ අන්ත දෙකක්.


ම‍ගේ දේවතාවිය -

 දෙක එකතු වුනහම.


මම -

තවත් අන්තයක්.


ම‍ගේ දේවතාවිය -

ත්‍රිකෝණයක් ද?


මම -

නෑ ගෝලයක්.


ම‍ගේ දේවතාවිය -

නියමයි. එතකොට තමන් ඉන්නෙ කොතන ද?

 

මම -

ගෝලයේ මැද. ඒ කියන්නෙ මධ්‍යලක්ෂයේ.

මම ඔයාට භගවාන් පෙන්වන්න ද? (ඉන්දියාවේ භගවාන් ලෙස බුදුන්වහන්සේ හදුන්වයි.)


ම‍ගේ දේවතාවිය -

පෙන්වන්න පුලුවන්නම් එතැන භගවාන් නෑ.


මම -

ඔයා හරි. තේරුම් ගන්න විතරයි පුලුවන්.

 

ම‍ගේ දේවතාවිය -

ඔයා දන්වද අපි මොනවද කතා කලේ කියලා.


මම -

?


ම‍ගේ දේවතාවිය -

Colors for life.




Comments