වසන්ත නමස්කාර ගේ එක්දාස් පනස් නව වැනි (1059)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


ම‍ගේ දේවතාවිය -

ඔයා කියන්නෙ එතකොට වර්ණ කියන්නෙ අන්තයක් කියල ද?


මම -

ඔව්. ඒ අන්ත අතර තියෙන වෙනස නිසා අපට දේවල් පෙනෙනවා.


ම‍ගේ දේවතාවිය -

එතකොට හැඩ කියන්නෙත් අන්තයක් ද?


මම -

වර්ණයක් නැති හැඩ තියෙනව ද?


ම‍ගේ දේවතාවිය -

ඔව් තියෙනව.


මම-

?


ම‍ගේ දේවතාවිය -

භගවන් කියන දෙය. (ඉන්දියාවේ දී බුදුන්වහන්සේ භගවාන් ලෙස හදුන්වයි.)


මම -

ඇත්ත. ඔයා හරි.


ම‍ගේ දේවතාවිය -

එතකොට ඔයා කියන්නෙ හිස් අවකාශයට වර්ණයක් සහ හැඩයක් තියෙනව කියල ද?


මම -

ඔව් තියෙනව.


ම‍ගේ දේවතාවිය -

ඒක තවත් විස්තර කරන්න.


මම -

ඒක භගවාන් (බුදුන් වහන්සේ) කියන දෙය නෙමෙයි.


ම‍ගේ දේවතාවිය -

නියමයි. හරියටම හරි.

Comments