වසන්ත නමස්කාර ගේ එක්දාස් හැට වැනි (1060)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


ම‍ගේ දේවතාවිය -

මේ බලන්න මගේ අත දිහා.


මම -

ලස්සන වළලු දෙකක්.


ම‍ගේ දේවතාවිය -

ඇයි අපි ගත්ත මතක නැද්ද?


මම -

ඔව්. මට මතකයි.


ම‍ගේ දේවතාවිය -

ඔය Music එක පොඩ්ඩක් නතර කරන්න.


මම -

? හරි.


ම‍ගේ දේවතාවිය -

මේ බලන්න. වළලු හෙල්ලෙන කොට තියෙන සද්දෙ. ලස්සනයි නේද?


මම -

ඔව් ගොඩක් ලස්සනයි.


ම‍ගේ දේවතාවිය -

හරි දැන් කියන්න බලන්න  ශබ්දයට වර්ණයක් තියෙවද? කියලා.


මම -

ඔව්. තියෙනවා.


ම‍ගේ දේවතාවිය -

නියමයි හරියටම හරි.

ඔන්න දැන් වළලු හෙල්ලෙන්නෙ නෑ. දැන් ශබ්දයක් නෑ. දැන් කියන්න බලන්න නිහඩතාවයට වර්ණයක් තියෙනව ද? කියලා.


මම -

ඔව් තිනෙවා.


ම‍ගේ දේවතාවිය -

හරි හොදයි එහෙනම් කියන්න නිහඩ තාවයත් නැති තැන  වර්ණයක් තියෙනවද කියලා.


මම -

නිහඩතාවය නැති තැන තියෙන්නෙ ශබ්දයක්නෙ. එතැන වර්ණයක් තියෙනවා.


ම‍ගේ දේවතාවිය -

හොදයි. ඒ දෙකම නැති තැන. වර්ණයක් තියෙනව ද?


මම -

එතන තමයි භගවාන් ඉන්නෙ. (ඉන්දියාවේ ඇතැම් අවස්ථාවල බුදුන්වහන්සේ භගවාන් ලෙස හදුන්වයි.)


ම‍ගේ දේවතාවිය -

නියමයි. සුපිරි. හරියටම හරි.

 

Comments