වසන්ත නමස්කාර ගේ එක්දාස් හැට එක් වැනි (1061)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


ම‍ගේ දේවතාවිය -

මොකක්ද අනේ මේ Painting එක.


මම -

තවම ඉවර නෑ.


ම‍ගේ දේවතාවිය -

ඉවර නෑ කියලනම් දන්නවා. Sex තදින්ම අල්ලගෙන අතහරින්න හදන්නෙ ඇයි. ඒක කරන්න කොහොම ද? කොහෙන්ද ඔයාමේ තොරතුරු හොයා ගත්තෙ.


මම -

කෝවිඩ් නිසා දොස්තරලා කියනවා මිනිස්සුන්ට අවුරුද්දක්වත් යනකල් ළමයි හදන්න එපා කියලා.


ම‍ගේ දේවතාවිය -

මෙකද ඒ අය කියන්නෙ. ස්වයං වින්දනයේ යෙදෙන්න කියලද? එහෙම නැත්තම් උපත් පාලනය කරන්න කියලද ?


මම -

එහෙම මොකුත් ඒ අය යොජනා කරන්නෙ නෑ.


ම‍ගේ දේවතාවිය -

එහෙනම් ඔක්කොටම පිස්සු හැදෙයි. ඔය ප්‍රශ්නයට හරිම උත්තරය තියෙන්නෙ භගවාන් තුමා ලග. (ඉන්දියාවේ දී බුදුන්වහන්සේ ‍සමහර අවස්ථාවල දී භගවාන් ලෙස හදුන්වයි.)


මම -

ඔව් ඔයා හරි. මමත් Painting ඉවර කරන්න හදන්නෙ එහෙම තමයි.


ම‍ගේ දේවතාවිය -

එපා. ඔයා Painting එක එහෙම ඉවර කරන්න එපා. භගවාන් තුමා හොයාගන්න පාර විතරක් පෙන්වන්න.

මිනිස්සුනම් ගොඩක් අය ප්‍රශ්නය ඉවර කරන්නෙ අර ඉස්සෙල්ලා කියපු විදිහට. ගෑණු පිරිමි ගොඩක් අය නිතරම හිතින් Sex කරනවා. Sex නිසා ප්‍රශ්න හදා ගන්නවා.

ටික දෙනෙක් විතරක් භගවාන් තුමා (බුදුන් වහන්සේ) කියපු දේ කරයි.

හොද වෙලාවට අපි කජුරාවෝ මන්දීර්වලට ගියේ නේද? සුන්දරත්වයේ මොහොත.


මම -

මිනිස්සු නිතරම  Sex කලාට සුන්දරත්වයේ මොහොත දන්නෙ නෑනේ.


ම‍ගේ දේවතාවිය -

එහෙම වෙන්නෙ නෑ අනේ. එතනින් පස්සෙනෙ භගවාන් තුමා (බුදුන් වහන්සේ) මුනගැහෙන්නෙ.


මම -

කොහොමද  භගවාන් තුමා (බුදුන් වහන්සේ) හොයාගන්න පාර Painting එකට ගන්නෙ කියලා මම කල්පනා කරන්නෙ.


ම‍ගේ දේවතාවිය -

ඇයි අනේ උත්තරේ ළගම තියාගෙන තවත් හොයන්නෙ. අපි කජුරාවෝ මන්දීර්වලින් පස්සෙ කොහෙද ගියේ.


මම -

හරි. දැන්මට දැන් තේරුනා.


ම‍ගේ දේවතාවිය -

Painting එක ඉවර කරලා මෙතෙන්ට භාවනා මධ්‍යස්ථානයේ ලින්ක් එක දාන්න.


මම -

හරි Painting එකේ මැප් එක ඉවරයි.


ම‍ගේ දේවතාවිය -

නෑ අනේ මම කියන්නෙ Painting එක ඉවර කරන එක නෙමෙයි. මිනිස්සුන්ට භගවාන් තුමා හොයාගන්න පාර පෙන්වන්න කියලා.


මම -

මිනිස්සුන්ට Art කියලා දෙන්න යන එකේ තේරුමක් නෑ.


ම‍ගේ දේවතාවිය -

කව්ද අනේ මිනිස්සුන්ට Art කියලා දෙන්න කිව්වෙ. මම කිව්වේ ධම්මගිරි භාවනා මධ්‍යස්ථානයේ ලින්ක් එක දාන්න කියලා.


මම -

හරි මම එහෙම කරන්නම්. ඔන්න මම ලින්ක් එක දැම්මා.


ම‍ගේ දේවතාවිය -

තව පොඩ්ඩක් විස්තර කරන්න.


මම -

ඒ කොහොම ද?


ම‍ගේ දේවතාවිය -

අහගන්න. මෙන්න මෙහෙම.

මිනිසා නිතරම මනසින් Sex කරමින් සිටියි. එය අවසන් වන්නේ සුරාන්තයට පැමිනීමෙනි. ඒ සදහා ලොව තිබෙන එකම තැන ඉන්දියාවේ කජරාවෝ මන්දීර්ය. ඉන් පසුව භගවාන් තුමා (බුදුන්වහන්සේ) හමුවීමට ඉන්දියාවේ ඉගත්පුරියේ ධම්ම ගිරි භාවනා මධ්‍යස්ථානයේ දින දහයක් භාවනා කරන්න. අප දෙදෙනාත් කජුරාවෝ මන්දීර්වලදී සුරාන්තයට පත්වී. ඉගත්පුරියේ ධම්මගිරි භාවනා මධස්ථානයේ දී භගවන්තුමා (බුදුන්වහන්සේ) හමුවිය. මෙය අත්දුටුයි ප්‍රත්‍යකෂයි.


මම -

කජුරාවෝ මන්දීර් ලින්ක් කරමු නේද.


ම‍ගේ දේවතාවිය -

ඔව් අනේ එහෙම කරන්න. හැබැයි ඔය කිසිම දෙයක් විස්තර කරන්න යන්න එපා. දැනෙන්න ඉඩහරින්න. දැන් හරිනෙ. දැන්  කාටවත් Art විස්තර කරන්න ඕනෙ නෑනෙ.

මේ ඔයා දන්නවද තන්ත්‍රයානය.


මම -

? කියන්න.


ම‍ගේ දේවතාවිය -

මෙතන බෑ එන්නකො කියල දෙන්න. මෙ Painting එකට ඒක ගොඩාක් වැදගත්.

Comments