වසන්ත නමස්කාර ගේ එක්දාස් හැට දෙවැනි (1062)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।

 

ම‍ගේ දේවතාවිය -

මේ මොකද අනේ ස්ටූඩියෝ එක පුරාම ජංගි එල්ලගෙන. මට අදින්න එකකුත් නෑ.


මම -

එකක් ගන්න.


ම‍ගේ දේවතාවිය -

ඉස්සෙල්ලම කියන්නකෝ බලන්න මොකක්ද Painting එක කියලා. සමහරවිට කතා කරගෙන යනකොට ඇදගත්තු එකත් ගලවන්න වෙයි.


මම -

මේ තමයි ලංකාවෙ දේශපාලනය.


ම‍ගේ දේවතාවිය -

ඒ මොකක් ද අනේ ලංකාවේ දේශ පාලනයයි ජංගියි අතරෙ තියෙන සම්බන්ධය. මේ සයිකෝ කේස් එකක්නෙ.


මම -

ඔයා හරි. සයිකෝ කේස් ගොඩක් ලංකාවේ දේශ පාලනය ඇතුලේ වැඩ කරනවා.


ම‍ගේ දේවතාවිය -

හැම තැනම සයිකෝ කේස් තමයි අනේ. ඕවා සාමන්‍ය දේවල්. මට හින්දියෙන් කියන්නකෝ Painting එකේ තොරතුරු.


මම -

ලංකාවට පිටරටින් අදුම් ගේන එක නවත්තන්න යෝජනවෙක් තියෙනවා.


ම‍ගේ දේවතාවිය -

ඉතින් හොදයිනෙ. ඉන්දියාවෙත් එහෙම තමයි.


මම -

ඒ අතරෙ යට ඇදුම් ගේන එකත් නවත්තනවා.


ම‍ගේ දේවතාවිය -

කියන්න මම අහගෙන ඉන්නෙ.


මම -

ඉතින් මෙච්චර ඇදුමි තියෙද්දි ලංකාවේ දේශපාලන කතාවල දී යට ඇදුම විතරක් ගැන වැඩිපුර කතා කරනවා.

............................................................................................


ම‍ගේ දේවතාවිය -

ඕක සයිකෝ කේස් එකක්. ඒ අය, යට ඇදුම් ගැන කතා කරලා ලිංගිකව සතුටක් ගන්නවා.


මම -

ඒක අවිඥානිකයි ද?


ම‍ගේ දේවතාවිය -

අපොයි නෑ. ගොඩක් වෙලාවට ඒක සවිඥානිකයි. මේ අය දේශපාලනය ඇතුලේ sex හොයනවා.


ම‍ගේ දේවතාවිය -

ඔයා හරි තොරතුරු ලැබෙන්නෙ ඒ විදිහට තමයි. ඒ කියන්නෙ මේ අය ලිංගිකව තෘප්තිමත් නෑ.


ම‍ගේ දේවතාවිය -

ඔව් අනේ. ලිංගිකව තෘප්තිමත්නම් මිනිස්සු එතනින් එහාට කිසිම දෙයක් නරන්නෙ නෑ. ඔය හැම තැනම තියෙන්නෙ ඒ ප්‍රශ්නෙ. එක එක විදිහට මතුවෙනවා.

අපි ගංගාවේ ඉවුරට වෙලා ගග ගලන විදිහ බලාගෙන ඉදිමු. ඔයා කියන්න බලන්න මේ ප්‍රශ්නෙට විසදුම් කීයක් තියෙනවද කියලා.


මම -

එකයි.


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.

කොහෙද තියෙන්නෙ?


මම -

කජුරාවෝ ටෙම්පල් හරහා භගවාන් තුමා හමුවීම. (ඉන්දියාවේ දී ඇතැම් අවස්ථාවල දී ගෞරවය සදහා බුදුන්වහන්සේ භගවාන් නමින් හදුන්වයි)


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.

Comments