වසන්ත නමස්කාර ගේ එක්දාස් හැට හතරවැනි (1064)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।

 

ම‍ගේ දේවතාවිය -

මොකද කල්පනාව. ප්‍රදර්ශනය ගැන මොකුත්ම ලියන්නෙ නැතතිව, විත්‍රය ඇදල නිකම්ම ඉන්න නේද හදන්නෙ.


මම -

ඔයා හරි. එහෙම තමයි. මේවා ලියලා ඩැඩක් නැතිවෙයි . කව්ද කියවන්නෙ. කව්ද තේරුම් ගන්නෙ.


ම‍ගේ දේවතාවිය -

එහෙම නෙමෙයි පුතා. ඔයා මේවා ගැන පොඩ්ඩක් ලියන්න ඕනෙ. කව්ද තේරුම් ගන්නෙ. කව්ද කියවන්නෙ කියන දේ ඔයාට අදාල දෙයක් නෙමෙයි. ඔයාට තියෙන්නෙ ඔයාගේ වැඩේ කරන්න. අපි කතා කරන දේවල් ටිකක් ලියන්න. මට ඕවා හින්දියෙන් ලියන්න පුලුවන්. ඒත් ඒක ඒ තරම්ම සාර්ථක නෑ. ඔයා ඔයාගේ භාෂාවෙන්  ලියන්නම ඕනේ. ඒ කියන්නෙ සිංහලෙන්. 

අමතක නරන්න එපා මේක ඔයාගේ එක්දාස් හැට හතරවැනි ප්‍රදර්ශන සැලසුම.

හරි. ඔයාම කියන්න බලන්න. මේ තරම් ප්‍රදර්ශන සැලසුම් හදපු කෙනක් ඔයා දන්නවද කියලා. මම අහන්නෙ ඇදීමේ ප්‍රශ්නය විසදන අය ගැන නෙමෙයි. චිත්‍ර අදින අය, මූර්ථි හදන අය ඕනතරම් ඉන්නවනෙ. අනෙක ඔයා දැන් ඇදීමේ ප්‍රශ්නය විසදගෙන් ඉවරයිනෙ.


මම -

මම දන්න තරමින්නම්  එහෙම කෙනෙක් නෑ.


ම‍ගේ දේවතාවිය -

ඒක තමයි මමත් කියන්නෙ. ඔයා Art හොයා ගන්න අයට පාරෙ ඊතලයක් ගහලා තියන්න. හැබැයි ඔයාට ඒක කරන්න බැරිනම් මම අහන ප්‍රශ්නයට පැහැදිලි උත්තරයන් දෙන්නම  ඕනෙ.


මම -

මොකක් ද? ප්‍රශ්නෙ.


ම‍ගේ දේවතාවිය -

ප්‍රශ්නෙට උත්තර දීල නිකම් ඉන්න නේද හදන්නෙ. මෙන්න මේකයි ප්‍රශ්යනේ. අපි‍ට පෙනෙන ග්‍රහලෝක වලින් එහා මොනවද තියෙන්නෙ.


මම -

ඒවා ගැන භගවාන් තුමා වත් හොයන්න එපා කියලා තියෙනවානෙ. (භගවාන් කියන නම, බුදු හාමුදුරුවන් ගෞරවයෙන් හැදින්වීම සදහා ඉන්දියාවේ දී ඇතැම් අවස්ථාවල දී භාවිත කරයි.)


ම‍ගේ දේවතාවිය -

අන්න හරි. එතකොට භගවාන් තුමා මොකක්ද කිව්වෙ.


මම -

මට තේරෙනවා ඔයා කියන දේ.


ම‍ගේ දේවතාවිය -

තේරෙනවා නෙමෙයි අනේ. දැනෙනවා කියන්න.


මම-

ඔව් එහෙම තමයි. සමහර දේවල් ලිව්වහම ප්‍රශ්න ඇතිවෙනවා. ඒකට වෙනම ක්‍රමයක් හොයන්න වෙනවා.


ම‍ගේ දේවතාවිය -

ඔව් අනේ මම දන්නවා. ඒක භගවාන් තුමාගෙන්ම ඉගෙන ගන්න පුලුවන්නෙ.


මම -

?


ම‍ගේ දේවතාවිය -

ඇයි අනේ Moods විදිහට සැලසුම් කරන්නකෝ.


මම -

ඔව් Paitings ඒ විදිහට තමයි සැලසුම් කරල තියෙන්නෙ.


ම‍ගේ දේවතාවිය -

Paitings නෙමෙයි මෝඩයෝ මම කියන්නෙ. ලියන ඒවා.


මම -

එහෙනම් Moods හැදෙන විදිහට ලියන්න ඕනෙ.


ම‍ගේ දේවතාවිය -

දැන් ඔයා කියන්නෙ ලියන එකයි. Paitings එකයි දෙකක් කියලද?


මම -

නෑ. Moods ඇදල ලියන්නත් පුවන්. ලියපු Moods අදින්නත් පුලුවන්.


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි. ඔය තියෙන්නෙ.


මම -

මට සමහර වෙලාවට ටයිප් කරන්න කම්මැලියි.


ම‍ගේ දේවතාවිය -

ඇත්ත මම දන්නවා. ඔයා අතින් ලියන්න. ලියලා ස්කෑන් කරලා අප්ලොඩ් කරන්න. එතකොට ඔයාගේ කොටස ඉවරයි. මොකද ග්‍රහලෝක වලින් එහා තියෙන මොකක් හරි දැක්කද?


මම -

ඔව්.


ම‍ගේ දේවතාවිය -

මම දන්නවා ඔයා දැකපු දේ.............................

හරිනෙ.


මම -

ඔව්.


ම‍ගේ දේවතාවිය -

එහෙනම් දැන්ම වැඩේ පටන් ගන්න.






















































































































































































ලංකාවේ සම්භාව්‍ය කියන කලා නිර්නායකය තුල සිතා ගැනීමට පවා අපහසු පුදුමාකාර කුහකත්වයක් තිබේ. එය කොටස්වලට කඩා වෙන්කර බැලීමේ දී හමුවන, ඉතා භායානක මනෝ ව්‍යාධින් රාශියකි. එය වටහා නොගතහොත් කෙනෙකුගේ නිර්මානාත්මක හැකියාව වැනසීයයි.






















































Comments