වසන්ත නමස්කාර ගේ එක්දාස් හාරසිය අනූනවවැනි (1499)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।



ම‍ගේ දේවතාවිය -

මට ඔයාගෙන් ප්‍රදර්ශන කීපයක් ගැන ප්‍රශ්න ටිකක් අහන්න තියෙනවා.


මම -

අහන්න.


ම‍ගේ දේවතාවිය -

1481 එක්දාස් හාරසිය අසූඑක්වැනි ප්‍රදර්ශයය.

Yohani රතු පලස මතින් ලංකාවට පැමිනීම.

ඇත්තටම  Yohani ලංකාවට පැමිනෙනවිට රතු පලස එලන්නේ සංගීතය දැනගෙනද?  ඇය ලංකාවේ සිටිනවිට ඇය වෙනුවෙන් රෙදි කෑල්ලක්වත් එලුවේ නෑනෙ.

මගේ ප්‍රශ්නය තමයි, ඇයි එහෙම ලිව්වෙ කියන එක.


මම -

මට හිතෙන්නෙ Yohani ව තේරුම් ගන්න රාමුව ඇතුලෙ තියෙන නිර්නායක වලින් පුලුවන්කමක් නෑ.


ම‍ගේ දේවතාවිය -

ඇයි ඔයා Yohani ව තේරුම් ගන්නෙ. එයාට පෙම්වතෙක් නෑ කියලා කියන නිසාද?


මම -

මම එතෙන්දි අදහස් කලේ Yohani ව නෙමෙයි. සංගීතය කියන කාරනාව.


ම‍ගේ දේවතාවිය -

හරි. ඔයා හිතන්නෙ Yohani සංගීතය තේරුම් අරන් කියල ද?


මම -

නෑ.


ම‍ගේ දේවතාවිය -

එහෙනම් මොකක් ද? එතන සිද්ධ වෙලා තියෙන්නෙ.


මම -

එතැන තියෙන්නෙ ඩිජිටෙල් අවකාශය හරහා චිත්‍රයේ තිබෙන  ගණිත රටාවක් සකස්වීම.


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.

එහෙනම් ඔයා කියන විදිහට ඉන්දියාවේ Amitabh Bachchan 

සංගීතය දන්නෙ නෑනෙ.


මම -

ඔව්.


ම‍ගේ දේවතාවිය -

ඔයා කොහොමද මහා කලාකාරයෙකුට බය නැතිව ඒවගේ දරුණු ප්‍රකාශයක් කරන්නෙ.

 

මම -

ඉන්දියාවේ පාරවල් දිගේ කොයිතරම් ලස්සන සංගීත  තියෙනවද. කෝ ඒවා අමිතාබජ්චන්ට ඇහෙන්නෙ නෑනෙ.


ම‍ගේ දේවතාවිය -

එහෙනම් සංගීතය හරියටම දන්නෙ කව්ද? කියන්න බලන්න. (මෙතන එයාගේ නම ලියන්න එපා මට විතරක් රහසෙන් කියන්න.)

 

මම -

......................................

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි. නියමයි. මට දැන් ඊලග ප්‍රශ්න ටික ඔයාගෙන් අහන්න ඕනෙ නෑ.

 

Comments