වසන්ත නමස්කාර ගේ එක්දාස් පන්සිය දාහතරවැනි (1514)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


ම‍ගේ දේවතාවිය -

අන්න ඔයාගේ කෙල්ල හොද කතාවක් කියලා තියෙනවා.


මම -

කව්ද?


ම‍ගේ දේවතාවිය -

ඇයි අනේ Yohani


මම -

මට මොකටද අනුන්ගෙ කෙල්ලො.


ම‍ගේ දේවතාවිය -

මම කැමතියි ඔයා ලියපු දෙයට.


මම -

මම හිතන්නෙ ඒක Yohani විතරක්ම කියපු දෙයක් වෙන්න බෑ.


ම‍ගේ දේවතාවිය -

ඇයි එමෙ කියන්නෙ.


මම -

ඒක ගොඩක් දෙනෙක් එකතුවෙලා කියපු දෙයක් වෙන්න ඕනෙ.


ම‍ගේ දේවතාවිය -

කොහොම උනත් අදහස හොදයිනෙ.


මම -

අදහස හොදයි. නමුත් එතැන සංගීතයවත් කලාවවත් නෑ.


ම‍ගේ දේවතාවිය -

ඔයා කියන්නෙ ඇත්ත.


මම -

මම ඒක Painting එකකට ඕන නිසා ලිව්වෙ.


ම‍ගේ දේවතාවිය -

ඔව් මම ඒක දන්නවා. අදහස හොදනිසා මෙතන ටිකක් ලියන්න. කාට හරි ප්‍රයෝජනයක් වෙයිනෙ. මම කිව්වෙ Art හොයන කෙනෙකුට.


මම -

මේවා ලියලා නිකම් ප්‍රශ්න ඇති වෙනවා. අනික Art හොයන අයට මේවා තේරුම් ගන්න පුලුවන්.


ම‍ගේ දේවතාවිය -

එහෙම හිතන්න එපා. නිකමට පොඩි සටහනක්වත් දාල තියන්න.


මම -

ටයිප් කරන්නත් කමිමැලියි.


ම‍ගේ දේවතාවිය -

අතින් ලියලා ස්කෑන් කරන්න.


මම-

කව්ද මේ අත් අකුරු කියවන්නෙ.


ම‍ගේ දේවතාවිය -

ඔයා ලියන්නකෝ හොදළමයා වගේ. කියවන්නෙ කව්ද? නැත්තෙ කව්ද? කියලා හොයන එක ඔයාගේ වැඩක් නෙමෙයි.


මම -

එහෙනම්  මෙහෙම ලියමු. Yohani ගේ විශ්මිත හෙලිදරව්ව. පරාජය පිළිගන්න සැරසෙන්න. මෙය සියලුම Arts Academy වල ඉදිරියෙන්ම ලියා තබන්න.

https://youtu.be/BMftPJw1MA4


ම‍ගේ දේවතාවිය -

හොදයි දැනට ඇති. ඒත් පස්සෙ වෙලාවක මේක තවටිකක් විස්තර කරලා ප්‍රදර්ශනයක් සැලසුම් කරන්න ඕනෙ.


මම -

ඒක තමයි මේ කරලා තියෙන්නෙ.


ම‍ගේ දේවතාවිය -

ඔයා ඒවා සැලසුම් කරලා තියෙන්නෙ ඔයාට තේරුම් ගන්න පහසු වෙන්නනෙ. මම කියන්නෙ එහෙම නෙමෙයි. අනෙක් අයටත්.


මම -

?


ම‍ගේ දේවතාවිය -

ඔයා කියන්නෙ එහෙම ක්‍රමයක් නෑ කියලද?


මම -

ඔව්. Arts හැමෝටම අදාල නෑ.


ම‍ගේ දේවතාවිය -

ඇත්ත. මම දන්නවා. එහෙනම් කියන්න බලන්න චිත්‍ර අදින්නෙ කොහොමද? කියලා.


මම -

එහෙම දෙයක් නෑ


ම‍ගේ දේවතාවිය -

පුතා ඒකම් තවටිකක් විස්තර කරන්න ඕනෙ.


මම -

අපි පුලුවන් තරම් උත්සාහ කරන්න ඕනෙ චිත්‍ර අදින්නෙ නැතුව ඉන්න.


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.

Comments