වසන්ත නමස්කාර ගේ එක්දාස් පන්සිය තිස්එක්වැනි (1531)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।



ම‍ගේ දේවතාවිය -

අන්න හොද ළමයා මම කියපු දේ කරනවා. දිගටම ලියන්න. දිගටම අදින්න.

මගේ සිහින පොත, ප්‍රදර්ශනය ගැන ටිකක් ටයිප් කරමුද? ඒක තමයි ඔයාගේ Art එක වෙන්නෙ.


මම -

අපි ලිව්වත් නැතත් ඒවා Art වලට එනවා.


ම‍ගේ දේවතාවිය -

ඔව් ඒක දිග කතාවක්. Art වලට එන්න දොරවල් අරින්න.


මම -

හුගක් අයගේ දොරවල් වැහිලා.


ම‍ගේ දේවතාවිය -

වැහිලා නෙමෙයි. තමන්ම අගුලු දාගෙන. ඒවා ඇරගන්නත් පුලුවන් තමන්ටම විතරයි.

කියන්න බලන්න, දොරවල් ඇරගන්න ඕන කෙනෙක් මොනව ද? කරන්න ඕනෙ කියලා.


මම-

ඉගෙන ගන්නෙ නැතිව ඉන්න ඕනෙ.


ම‍ගේ දේවතාවිය -

තව පොඩ්ඩක් විස්තර කරන්න.


මම -

උගන්වන්නේ නැතුවත් ඉන්න ඕනෙ.


ම‍ගේ දේවතාවිය -

ඔයා කියන්නේ ඉගෙන ගැනීමයි, ඉගැන්වීමයි නැවැත්තුවහම Art හම්බ වෙනවා කියලද?


මම -

ඔව්.


ම‍ගේ දේවතාවිය -

ඒ කියන්නේ මොකුත්ම නොකර නිකම්ම ඉන්න කියන එකද?


මම -

නෑ.


ම‍ගේ දේවතාවිය -

එහෙනම්.


මම -

ඉගෙන ගැනීමයි,  ඉගැන්වීමයි නැතිව ඉන්න කියන දෙය.


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.

 

Comments