වසන්ත නමස්කාර ගේ එක්දාස් පන්සිය අසූවැනි (1580)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।

 

ම‍ගේ දේවතාවිය -

පුතා ඔයාට තවත් බරපතල වැඩක් කරන්න තියෙනවා.


මම -

මොකක් ද?


ම‍ගේ දේවතාවිය -

අපි කජුරාවෝ හරහා ධම්මගිරි යනගමන් විනය පිටකයේ චිත්‍රත් අඳින්න ඕනෙ.


මම -

?

විනය පිටකය කිව්වෙ.


ම‍ගේ දේවතාවිය -

ඇයි අනේ භගවාන් තුමාගේ විනය පිටකය. (ඉන්දියාවේ දී බුදුන් වහන්සේ ගෞරවයෙන් යුතුව භගවාන් ලෙස හදුන්වයි.)


මම-

මට එතන පොඩි ගැටලුවක් තියෙනවා.


ම‍ගේ දේවතාවිය -

ඔයාට එතන ගැටලුවක් තියෙන්න විදිහක් නෑ. ඔයා ඒක දන්නවා. ප්‍රශ්නෙ අහන්නකෝ බලන්න.


මම -

විනය පිටකයේ ගොඩක් තැන්වල තියෙනවා Sex අවුල් කරගත්තු අය ගැන. ඒ අයට Sex වලින් ලැබෙන සතුට ලැබෙන්නේ නැද්ද?


මම -

ඔයා හරි. හැමෝටම Sex වලින් ලැබෙන සතුට ලැබෙන්නෙ නෑ. ඔයා මොකක් හරි කියන්න හදනවා. කියන්න බලන්න.


මම -

Art හැමෝටම අදාල නෑ වගේ නේද?


ම‍ගේ දේවතාවිය -

නෑ වගේ නෙමෙයි, ඒක ඒ විදිහම තමයි. Art හැමෝටම අදාල නෑ. ඒකට හේතුවත් භගවාන්තුමා පැහැදිලි කරනවා.


මම -

එතකොට කජුරාවෝ හරහා යන්නෙ නැතිව, භගවාන්තුමා කෙලින්ම Sex අයින් කරන්නේ.


ම‍ගේ දේවතාවිය -

උත්තරේ ඔයා දන්නවා.


ම‍ගේ දේවතාවිය -

Art වලින් ලැබෙන වින්දනය හැමෝටම අදාල නැති නිසා, භගවාන් තුමා ගෙඩි හයක අඹ ඉත්ත එක තැනකින් කඩල දානවා.


මම -

නිවන.


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි. කොහෙ ද? තියෙන්නෙ.


මම -

කජුරාවෝ මන්දීර්වලට එහා පැත්තෙ.


ම‍ගේ දේවතාවිය -

තව ටිකක් විස්තර කරන්න.


මම -

කජුරාවෝ මන්දීර් හරහා ධම්මගිරි ගමන.


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි. එහෙනම් දැන්ම අඳින්න පටන් ගන්න. Art දන්න අය වෙනුවෙන්ම විතරක්. මම හිතන්නේ ඔයාගේ ප්‍රශ්නවලට උත්තර හම්බවුනා.


මම -

ඔව්.


ම‍ගේ දේවතාවිය -

ඔයාගේ සියලුම ප්‍රදර්ශන සාර්ථකයි.


මම -

අපි කජුරාවේ නවතිමු ද?


ම‍ගේ දේවතාවිය -

මටත් හිතෙන්නෙ එහෙම හොදයි. මොකක්ද? ප්‍රදර්ශනයේ නම.


මම -

දේවතාවියක් සමග කජුරාවේ තනිවීම.


කජුරාවෝ

https://en.wikipedia.org/wiki/Khajuraho_Group_of_Monuments


ධම්මගිරි

https://www.dhamma.org/en/schedules/schgiri

Comments