වසන්ත නමස්කාර ගේ එක්දාස් හයසිය හතරවැනි (1604)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।



ම‍ගේ දේවතාවිය -

පුතා අරකතාව මෙතන පොඩ්ඩක් ලියන්න.


මම -

මොන කතාවද?


ම‍ගේ දේවතාවිය -

අර අමුසොහොනේ භාවනා කරන්න ගිය හාමුදුරුවන්ගේ කතාව.


මම-

ගොඩාක් අය ගිහින් තියෙනවා.


ම‍ගේ දේවතාවිය -

අර මලමිනියක් එක්ක ලිංගික සංසර්ගයේ යෙදුන හාමුදුරුවන්ගේ කතාව.


මම -

බුද්ධ කාලයේ හාමුදුරු කෙනෙක් අමුසොහොනේ භාවනා කරන්න ගියා. කුණුවී ඕජස් ගලන කාන්තා මලමිනියක් දැක රාගය මතුවී, ඒ මලමිනියත් සමග ලිංගික සංසර්ගයේ යෙදුනා.........


ම‍ගේ දේවතාවිය -

ඔයාට මේවා ගැන ප්‍රශ්නයක් තියෙන්න විදිහක් නෑ.


මම -

ධුර්ගන්ධය, විකුර්තිරූපය, මිනී ඕජස්, කඩා හැලෙන මස්වැදලි සමග Sex මතුවෙන විදිහ.


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි. මගෙ මැණික තේරුම් ගත්තා.


මම -

ඒ හාමුදුරුවන්ට Sex ලැබෙන්න ඇතිද?


ම‍ගේ දේවතාවිය -

හරියටම කියන්න බෑ. ලැබෙන්නත් ඇති. නොලැබෙන්නත් ඇති‍. අපි තේරුම් ගන්න ඕනේ Sex කියන්නේ ශක්තියක් කියන දෙය. දුර්ගන්ධය, විකුර්ථි රූප යටකරගෙන Sex මතුවෙන විදිහ. හැබැයි ඒ හාමුදුරුවෝ ඔයා වගේ Artist කෙනෙක් වුනානම් මේවගේ තත්වයකට වැටෙන එකක් නෑ.


මම -

ඒ හාමුදුරුවන්ට Sex ලැබුනනම් Life එක ඉවරවෙනවා. 


ම‍ගේ දේවතාවිය -

ඔව් ලැබුනනම් එහෙම තමයි. එතන Sex කියනවට වඩා Art කියලා ගත්තනම් හරි.

මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?


මම -

අහන්න. 


ම‍ගේ දේවතාවිය -

ඒ හාමුදුරුවෝ දැන් ඉන්නවද? ඒ මලමිනිය දැන් තියෙනවද?


මම -

ඇයි භගවාන් තුමා. (ඉන්දියාවේ දී බුදුන් වහන්සේ භගවාන් ලෙස ගෞරවයෙන් යුතුව හදුන්වයි.)


ම‍ගේ දේවතාවිය -

ඔව්. කියන්න බලන්න දැන් තියෙන්නෙ මොනවද? කියලා.


මම -

ඒක කියන දෙයක් නෙමෙයි දැනෙන දෙයක්.

මට ධම්ම ගිරිය මතතක්වෙනවා.


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.


ධම්ම ගිරිය.

https://www.dhamma.org/en/schedules/schgiri


Comments