වසන්ත නමස්කාර ගේ එක්දාස් හයසිය තිස්තුන් වැනි (1633)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।



ම‍ගේ දේවතාවිය -

කෙල්ල ළමාසාරිය ඇන්දද?


මම -

මොන කෙල්ල ද?


ම‍ගේ දේවතාවිය -

ඇයි අනේ ඔයාගේ කෙල්ල Yohani


මම -

මට මොකටද අනුන්ගේ කෙල්ලෝ.


ම‍ගේ දේවතාවිය -

මට හින්දියෙන් කියන්න Zoom සාකච්චාවට මොකක්ද සිද්ධ  වුනේ කියලා.


මම -

හාමුදුරුවෝ Yohani ට ළමා සාරියක් අන්දන්න හැදුවා වැඩේ හරිගියේ නෑ. ඊට පස්සෙ ඒක භාතිය සන්තුෂ්ට ඇන්දුවා.


ම‍ගේ දේවතාවිය -

භාතිය සන්තුෂ් කියන්නේ කව්ද?


මම-

ලංකාවේ ඉන්න සිංදු කියන දෙන්නෙක්. Yohani වගේ.


ම‍ගේ දේවතාවිය -

ඉතින් ඒ අයට හාමුදුරුවෝ කරන වැඩේ තේරුම් ගන්න බැරිද?


මම -

ඒ දෙන්නට තේරුම් ගන්න අමාරුයි.


ම‍ගේ දේවතාවිය -

එහෙනම් ඔයා තේරුම් ගන්නෙ කොහොම ද?


මම -

මම කැම්පස් එකේ ඉදලම කාලයක් හාමුදුරුවෝ ගැන දන්නවා. එයා ඩැඩ කරන විදිහ මම දන්නවා.


ම‍ගේ දේවතාවිය -

ඔයා හරි. එහෙම තමයි කෙනෙක්ව තේරුම් ගන්න ඕනෙ. සිදුවීම් එක්ක ප්‍රතික්‍රියා කරන විදිහ අනුව.


මම -

Science වගේ නේද?


ම‍ගේ දේවතාවිය -

Science වගේ නෙමෙයි Science ම තමයි. කිසිම වෙනසක් නෑ. අර එතන හිටපු අනිත් කෙනා කව් ද?


මම -

එයා ලංකාවේ ඉන්න නලුවෙක්.


ම‍ගේ දේවතාවිය -

එයාට මේ ගැන තේරුමක් නැද්ද?


මම -

නෑ. එයා අත්භූත දේවල්වලින් අන්ධ වෙලා ඉන්නෙ. හාමුදුරුවෝ එයාව හොදෙට අන්දවනවා. අනෙක එයා හිතනවා එයා මහා කලාකරුවෙක් කියලා. හාමුදුරුවෝ හිතනවා තමන් කැම්පස් එකේ උගන්වන නිසා මහා බුද්ධිමතෙක් කියලා. හාමුදුරුවෝ අත්භූත දේවල් විශ්වාස කරනවා. මම හිතන්නේ මෙතන හැමෝම හැමදෙනාගේම ව්‍යාජත්වය තම තමන් දන්නවා.


ම‍ගේ දේවතාවිය -

ඔක්කොටම භගවාන් තුමාව මගහැරිලා නේද? (බුදුන් වහන්සේව ඉන්දියාවේ දී ඉතාම ගෞරවයෙන් භගවාන් ලෙස හදුන්වයි.)


මම -

භගවාන් තුමා විතරක් නෙමෙයි Art කියන දෙයත් හැමෝටම මගහැරිලා.


ම‍ගේ දේවතාවිය -

අපි නිතරම කතා කරන දේවල් නේ ද?


මම -

ඔව්.


ම‍ගේ දේවතාවිය -

ඔයා හිතන්නෙ Yohani ට මොනවා වෙයි කියලද?


මම -

Yohani කජුරාවෝ හරහා ධම්මගිරි ගියේ නැත්නම් Yohani ටත් වෙන්නෙ ඒ අයට වෙච්ච දේම තමයි.


ම‍ගේ දේවතාවිය -

ඔයා හරි. එහෙම නොව්නොත්, ඕනම කෙනෙකුට සිද්ධ වෙන්නේ ඒ දේම තමයි. ඔයා මෙතෙන්ටත් ධම්මගිරියේ Link එක දාල තියන්න.


මම -

මට හිතෙන්නේ වැඩක් නැතිවෙයි.


ම‍ගේ දේවතාවිය -

එහෙම හිතන්න එපා. ඔයා දාල තියන්නකෝ. සොබා දහමේ සැලසුම් වලට අපි එකග වෙන්න ඕනෙ.


ධම්මගිරිය.

https://www.dhamma.org/en/schedules/schgiri

Comments