වසන්ත නමස්කාර ගේ එක්දාස් හයසිය තිස්හතර වැනි (1634)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ සිහින පොත



ඊයේ රාත්‍රියේ මම තවත් සිහිනයක් දුටුවෙමි. ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් Yohani ට ළමාසාරියක් ඇන්දවීමට උත්සාහ කරයි. ඇය මේ හාමුදුරුවෝ කරන්නේ කුමක්දැයි නොදැන බලා සිටියි.  පසුව උන්වහන්සේ ළමාසාරියත් රැගෙන ඇය කරා යයි. ඇයගේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් Yohani ට ළමාසාරිය ඇන්දවීමට උන්වහන්සේට ඉඩ නොදෙයි.

ළමාසාරියක් Yohani ට අන්දන්නේ මොකටද? එයාට හොද ඇදුම් තියෙනවනෙ. කසුකුසුවක් ඇසෙයි. - ළමාසාරියක්, ඒක සංගීතයට සම්බන්ධ වෙන්නේ නෑනෙ - තවත් බොහෝ තැන්වලින් චිත්තවේග මතුවෙයි.

ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් Yohani ට ඇන්දවීමට ගෙනා ළමාසාරිය අතැතිව ඒමේඅත කරකැවෙයි. නන්දා මාලිනිය සුදුපාට ඔසරියක් හැදගෙන උන්වහන්සේට ඉහලින් අහසේ පාවෙයි. ආචාර්ය පණ්ඩිත් අමරදෙව ශූරීන් ජාතික ඇදුමත් ඇදගෙන උන්වහන්සේ වටා ඉහල අහසේ කරකැවෙයි. තවත් විද්වතුන් බොහෝ දෙනෙක් එ‍්මේඅත පාවෙමින් සිටියි. ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් ඇතුලු සියලුම විද්වත්න ඉහල අහසේ පාවෙමිනි සිටියි. ගිටාරයත් සමග මහපොළවේ සිටින Yohani සිදුවන්නේ කුමක්දැයි බලාගෙන සිටියි.

මේ අතර මහා කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා පාවීගෙන ඇවිත් ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන්ට වැද සිදුවන්නේ කුමක්දැයි විමසයි. - බලන්නකෝ මහත්තයා මේ ළමාසාරිය අර කෙල්ලට අන්දන්න බෑනේ - යනුවෙන් ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් කියයි. - බයවෙන්න එපා ස්වාමීන් වහන්ස ඕකට ගැලපෙන හොද තරුණ සංගීත ශිල්පීන් දෙදෙනෙක් ඉන්නවා.-  මහා කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා කියයි. - කව්ද මහත්තයා - ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් අසයි.

භාතිය සහ සංතුෂ් සංගීතවේධීන් දෙන්නා. මහා කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා කියයි. - ඒකනම් හොදයි - ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් කියයි.

අනතුරුව ළමා සාරියත් ගෙන මහා කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා සහ ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් ගුවනේ පාවීගොස්, ගුවනේ පාවෙමින් සිටින භාතිය සහ සංතුෂ් යන තරුණ සංගීතවේධී මහත්වරුන් දෙදෙනා හමුවිය.

සංගීතවේධී භාතිය සහ සංතුෂ් මහත්වරුන් දණ්ඩ නමස්කාරයෙන් ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් සහ මහා කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඉදිරියේ ඔවුන්ගේ පාමුල වැද වැටුනි. - පුතා මේ හාමුදුරුවෝ අතේ තියෙන ළමාසාරිය ඇදගන්න - මහා කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා කීවේය.

ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් Yohani ට ඇන්දවීමට ගෙනා ළමාසාරිය සංගීතවේධී භාතිය සහ සංතුෂ් යන තරුණ සංගීත වේධීන් දෙපලට අන්දවන ලදී.

සියල්ල මෙසේ සිදුවෙන අතර Yohani මහපොළවේ සිට ගිටාරය වයමින් මැණිකේ මගේ හිතේ ගීතය ගායනා කරන ලදී.

Comments